Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුපුන් මූලික වටයෙන්ම හැළෙයි

යුපුන් මූලික වටයෙන්ම හැළෙයි

editorial - 2022 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඇමරිකා එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේදී පැවැත්වෙන 18 වැනි ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 (පිරිමි) ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් අසමත් විය.

අද (16 වැනිදා) පැවැති එම ඉසව්වේ මූලික වටයේ තෙවැනි තරගට සහභාගි වූ යුපුන්, තත්ත්පර 10.19 ක කාලයක් වාර්තා කරමින් එම තරගය අවසන කළේ 5 වැනියා ලෙසිනි. ඒ අනුව ඔහුට එම ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි විය.

එහිදී යුපුන්ගේ තරග ආරම්භය තරමක් පමා වූ අතර එම තරගයට සහභාගි වූ තරගකරුවන් අතරින් තරග ආරම්භය සඳහා වැඩිම කාලයක් වැය කර තිබුණේ යුපුන්ය. ඒ සඳහා ඔහුට ගතවී තිබු කාලය තත්ත්පර 0.170 කි.

යුපුන්ට වඩා ඉදිරියෙන් සිටින ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයන් තිදෙනගෙන් අයකු වන කටාරයේ ෆෙමී ඔගොනොඩේද එම තරගයට සහභාගී විය. කෙසේ වුවත් තත්ත්පර 10.52 ක කාලයක් වාර්තා කරමින් එහි 7 වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් ඔහුටද අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගැනීමට නොහැකි විය.


අදහස් (0)

යුපුන් මූලික වටයෙන්ම හැළෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.