Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුපුන් තත්ත්පර 10 බාධකය බිඳී

යුපුන් තත්ත්පර 10 බාධකය බිඳී

editorial - 2022 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


(ශානුක අරවින්ද)

 

ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්වේදී තත්ත්පර 9.96 ක කාලයක් වාර්තා කරමින් තත්ත්පර 10 කට අඩුවෙන් එම ඉසව්ව නිමා කළ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා බවට පත්වීමට යුපුන් අබේකෝන් අද (3 වැනිදා) සමත් විය. මෙම තරගයේදී සුළඟේ වේගය +1.60 ක් ලෙසින් සටහන් වී තිබේ.

අද පෙරවරුවේදී පැවැති එම ඉසව්වේ මූලික වටයේ තරගයකදී තත්ත්පර 10.11 ක කාලයක් වාර්තා කරමින් යුපුන් එහි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

මින් පෙර මීටර 100 ඉසව්ව සඳහා යුපුන්ගේ හොඳම කාලය වී තිබුණේ ජර්මනියේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී මෙම වසරේ (2022) මැයි මස 26 වැනිදා වාර්තා කර තිබූ තත්ත්පර 10.06 ක කාලයයි.

මේ වන විට 27 වැනි වියේ පසුවන යුපුන්, පන්නල ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය හදාරා වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවෙකි. 2015 වසරේදී ශිෂ්‍යත්වයක් ලබා ඉතාලියට ගිය ඔහු එහි සිට සිය ක්‍රීඩා කටයුතු කරගෙන යයි.
ඔහු පසුගිය වසරේදී පැවැති ටෝකියෝ ඔලිම්පික් උළෙලේදීත් ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

මේ මස අගදී ආරම්භ වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදීත් ශ්‍රී ලංකාව නියෝජනය කරන යුපුන් අබේකෝන්, මේ වන විට සහභාගි වෙමින් සිටින යුරෝපා තරගාවලියෙන් පසුව එංගලන්තයේ බර්මින්හැම් නුවර බලා පිටත්ව යනු ඇත.


අදහස් (1)

යුපුන් තත්ත්පර 10 බාධකය බිඳී
  • iks. chandrasiri Sunday, 03 July 2022 09:58 PM

    අනාගතයේ ඔලිම්පික් පදක්කම ශුවර්...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.