Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුද හමුදාව ඉහළ නගී

යුද හමුදාව ඉහළ නගී

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුද හමුදා කණ්ඩායම විසින් මොරගස්මුල්ල ක්‍රීඩා  සමාජ කණ්ඩායමට එරෙහිව ගෝල 3-1 ක ජයක් ලැබීමත් සමග අන්තර් සමාජ ශූරයන්ගේ  ඩයලොග් පාපන්දු තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අටවැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්විය.  එම තරගයේ පළමු භාගයේදී ගෝල 2-1 ක් ලෙසින් පෙරමුණේ පසුවූ යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් එහිදි ගෝල ද්විත්වයක් ලැබීමට බණ්ඩාර වරාගොඩ සමත්විය.

මෙම සනි අන්තයේදී තවත් තරග අටක් පැවැත්වීමට නියමිත අතර කෙසේ වුවත් වර්ෂාවේ බලපෑම් හේතුවෙන් පාපන්දු සම්මේලනය තරගාවලියට සකස් කළ නිල කාල සටහනට අනුව තරග පවත්වාගෙන යාම දුෂ්කරවී තිබේ. එබැවැන් ග්‍රීන්ෆීල්ඞ් පිල සහ කොමරේඞ්ස් පිල අතර කළුතරදී පැවැත්වීමට නියමිතය තිබූ තරගය සහ බඩෝවිට පිලත් රෙඞ් ස්ටාර්ස් පිලත් අතර කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකම කල්දමා තිබේ.

මෙතෙක් පැවැති තරග අනුව රිනවුන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගනිද්දී  පසුගිය තරගාවලියේ ශූරතාව දිනා ගත් කොළඹ කණ්ඩායම එහි දෙවැනි ස්ථානය අත්පත් කරගෙන සිටියේය.

රිනවුන්, සෝන්ඩර්ස් හා ගුවන් හමුදා යන කණ්ඩායම් තවදුරටත් අපරාජිත තත්ත්වයෙන් පසුවන අතර එහි වෙනස්කමක් වේද යන්න මෙම සති අන්තයේදී පැවැත්වෙන තරගයන්හි ප්‍රතිඵලයන්ගෙන් තහවුරු වනු ඇත.
මෙම සති අන්තයේ තරග (සියලු තරග පස්වරු 3.00 ට ආරම්භ වේ)


ඔක්තෝබර් 21
● පොලිසිය සහ වෙන්නප්පුව නිව් යංගස් අතර බම්බලපිටිය පොලිස් පිටියේදී
● ගුවන් හමුදාව සහ නාවලපිටිය අප් කන්ටි්‍ර අතර කැලණිය පාපන්දු පිටියේදී
● බේරුවල සුපර්සන් සහ මීගමුව යූත් අතර කළුතර වර්නන් ප්‍රනාන්දු පිටියේ දී


ඔක්තෝබර් 22
● ජාවාලේන් සහ කොළඹ අතර කොළඹ සිටි පාපන්දු පිටියේදී
● මාතර සිටි සහ රිනවුන් අතර මාතර පාපන්දු පිටියේදී
● කළුතර බ්ලුස්ටාර්ස් සහ කුරුණෑගල පෙලිකන්ස් අතර කළුතර වර්නන් ප්‍රනාන්දු පිටියේදී
● නාවික හමුදාව සහ කුරුණෑගල ක්‍රිස්ටල් පැලැස් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේ දී
● සෝන්ඩර්ස් සහ අනුරාධපුර සොලිඞ් පිල අතර කැලණිය පාපන්දු පිටියේදී


මෙහි පහත වගුව යාවත්කාලීන කර ඇත්තේ ඔක්තෝබර් 17 වැනිදා පැවැති තරග ප්‍රතිඵල දක්වා පමණි. මෙම වගුව යාවත්කාලීන වීමෙන් පසුව යුද හමුදා පිල 5 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට නියමිතය.

 

                                  2017.10.17 වනවිට ප්‍රතිඵල සටහන

 


අදහස් (0)

යුද හමුදාව ඉහළ නගී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.