ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 101 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත මිශ‍්‍ර යුගල ශූරතාව දිනාගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා සහ අනිකා සෙනෙවිරත්න සමත් වූහ. අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස හීරා ආෂික් සහ නෙත්මි වඩුගේ පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.
මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ යුගළ ශූරතාවලියේදී කී‍්‍රඩකයකු හෝ කී‍්‍රඩිකාවක් ද්විත්ව ශූරතා දිනාගැනීමට අපොහොසත් වීමයි.
හීරා ආෂික් සහ නෙත්මි වඩුගේ හමුවේ පළමු වටයේදී ලකුණු 6/2 ක පහසු ජයක් අත්කරගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා සහ අනිකා සෙනෙවිරත්න සමත් වුවත්, ඉතා තියුණු මුහුණුවරක් ගත් දෙවැනි වටයේ ජය ඔවුන්ට හිමිවූයේ ලකුණු 7/5 ක් ලෙසිනි.
පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2x-0 ක් ලෙස සංඛ අතුකෝරල සහ මේදිරා සමරසිංහ පරාජය කරමින් දිනේෂ්කාන්තන් තංගරාජා සහ අනිකා සෙනෙවිරත්න අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. හීරා ආෂික් සහ නෙත්මි වඩුගේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස යසිත ද සිල්වා සහ අම්රිතා මුත්තයියා පරාජය කරමිනි.
ශූරතාවලියේ විවෘත පිරිමි යුගළ ශූරතාව දිනාගැනීමට සංඛ අතුකෝරල සහ යසිත ද සිල්වා සමත් වූ අතර අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස හීරා ආෂික් සහ තන්වීර් අෂික් පරාජය කරමින් ඔවුන් එම ශූරතාවට හිමිකම් කීහ.
විවෘත පිරිමි යුගල පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-1 ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා සහ ශාමල් දිසානායක පරාජය කරමින් සංඛ අතුකෝරල සහ යසිත ද සිල්වා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. හීරා ආෂික් සහ තන්වීර් ආෂික් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස අවින්ද්‍ර පෙරේරා සහ විබාහු විජේබණ්ඩාර පරාජය කරමිනි.
කේමාලි හේරත් සහ ශෙනාලි වීරසේකර හමුවේ තරග වට 2-0 ක ජයක් වාර්තා කරමින් පිට පිටම දෙවැනි වරටත් විවෘත කාන්තා යුගළ ශූරතාව දිනාගැනීමට අම්රිතා මුත්තයියා සහ මේදිරා සමරසිංහ සමත් වූහ.
පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-1 ලෙස අනිකා සෙනෙවිරත්න සහ නෙත්මි වඩුගේ පරාජය කරමින් අම්රිතා මුත්තයියා සහ මේදිරා සමරසිංහ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. කේමාලි හේරත් සහ ශෙනාලි වීරසේකර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ලෙස සෙනුරි ඇලෙක්සැන්ඩර් සහ සවිනි ජයසුන්දර පරාජය කරමිනි.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස බි‍්‍රටෑනියා සමාගම කටයුතු කළේය. එහි සම අනුග‍්‍රාහකයන් ලෙස ජනශක්ති රක්ෂණ සමාගම සහ පෙරේරා සහ පුත‍්‍රයෝ සමාගම කටයුතු කළ අතර තරගාවලිය සඳහා පන්දු පැපයීමේ නිල නියෝජිතයා වූයේ ඩන්ලොප් සමාගමයි.
විවෘත මිශ‍්‍ර යුගළ අවසන් මහ තරගය
විවෘත පිරිමි යුගළ අවසන් මහ තරගය
විවෘත කාන්තා යුගළ අවසන් මහ තරගය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.