Last Update  :  2025-07-23 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යාපනය පිල ලකුණු 402 ක් පසුපසින්
නැෂනල් සුපර් ලීග් - 2022

යාපනය පිල ලකුණු 402 ක් පසුපසින්

editorial - 2022 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිවුදින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයේ දෙවැනි දිනය වූ අද (8 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි යාපනය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 42 ක් ලබා සිටියේය. 

වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනය  ඕවර 70 කට සීමා විය. දෙවැනි දිනය අවසානයේ යාපනය කණ්ඩායම කඩුලූ 9 ක් අතැතිව මහනුවර කණ්ඩායමට වඩා ලකුණු 402 ක් පසුපසින් සිටි අතර ඒ වන විට නිෂාන් මධුෂංක හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක්ද, සමින්ද ප‍්‍රනාන්දු ලකුණු 2 ක්ද ලබා කඩුල්ලේ රැුදී සිටියහ. 

මුලූ ලකුණු සංඛ්‍යාව 38 ක් වන විට ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක නිරොෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් දෙමින් නවෝද් පරණවිතාන ලකුණු 13 කට දැවී ගියේය. 

පළමු දිනය වූ ඊයේ (7 වැනිදා) තරගය නතර කරන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 288 ක් ලබා සිටි මහනුවර කී‍්‍රඩකයෝ, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 156 ක් එක්කර ගත්හ. එහිදී සිය සිවුවැනි ශතකය ලබාගත්  ඕෂධ ප‍්‍රනාන්දු හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 109 ක් රැස්කළේය. 

නායක කමිඳු මෙන්ඩිස් (87) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 188 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද  ඕෂධ සමත් වූ අතර සිය පස්වැනි ශතකය පෙනි පෙනී දැවී ගිය කමිඳුගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත විය. 

නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 2 ක් සමග ලකුණු 32 ක්ද, පුලින තරංග හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 43 ක්ද රැස්කරමින් මහනුවර ඉනිමේ ලකුණු සංඛ්‍යාව 450 සීමාව ආසන්නයටම රැගෙන ගියහ. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුදීර තිලකරත්න ලකුණු 86 කට කඩුලූ 4 ක් දවාගත් අතර නායක ධනංජය ද සිල්වා ලකුණු 96 කට කඩුලූ 3 ක්ද, ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 97 කට කඩුලූ 2 ක්ද බිඳහෙළුෑහ. 

මහනුවර පළමු ඉනිම - සියලූ දෙනා දැවී 444
(කමිල් මිෂාර 56, කසුන් විඳුර 71,  ඕෂධ ප‍්‍රනාන්දු 109, කමිඳු මෙන්ඩිස් 87, නිරෝෂන් දික්වැල්ල 32, පුලින තරංග 43, දිලූම් සුදීර 86/4, ධනංජය ද සිල්වා 96/3, ජෙෆ්රි වැන්ඩසේ 97/2) 

යාපනය පළමු ඉනිම - කඩුල්ලක් දැවී 42 
(නිෂාන් මධුෂංක නොදැවී 24)

 


අදහස් (0)

යාපනය පිල ලකුණු 402 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.