Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යාපනය - කොළඹ සමාරම්භක තරගයට
එල්.පී.එල්. 2023

යාපනය - කොළඹ සමාරම්භක තරගයට

editorial - 2023 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක තරගයේදී ගියවර ශූරයන් බවට පත් වූ යාපනය කණ්ඩායමට එරෙහිව එවර අනු ශූරයන් බවට පත් වූ කොළඹ කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය. මෙම තරගය ජූලි මස 30 වැනිදා රාත්‍රී 7.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ෆැන්නා කිංග්ස්, කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් ටයිටන්ස්, දඹුල්ල අවුරා සහ බී-ලව් කැන්ඩි යන කණ්ඩායම් සහභාගි වන මෙවර එල්.පී.එල්. තරගාවලිය තරග 24 කින් සමන්විත වේ. ඊට මූලික වටයේ තරග 20 ක් සහ අවසන් වටයේ තරග 4 ක් ඇතුළත් වන අතර ඉන් තරග 8 ක් මහනුවරදීද, සෙසු තරග 14 කොළඹදීද පැවැත්වෙනු ඇත.

මූලික වටය අවසන් වන වට ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවල පසුවන කණ්ඩායම් අතර අගෝස්තු මස 17 වැනිදා පස්වරු 3.00 ට පළමු අවසන් පූර්ව තරගය පැවැත්වේ. එම තරගයෙන් ජය ලබන කණ්ඩායම ඍජුවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබන අතර පරාජයට පත්වන කණ්ඩායමට අවසන් මහ තරගයට පිවිසීම සඳහා තවත් අවස්ථාවක් හිමිවේ.

ඒ සඳහා ඔවුන් අගෝස්තු මස 19 වැනිදා රාත්‍රී 7.30 ට පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී පරාජිතයන් පිටුදැකීමේ තරගයේ ජයග්‍රාහකයන් පරාජය කළ යුතුය. මූලික වටය අවසානයේ ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල රැදී සිටින කණ්ඩායම් අතර අගෝස්තු මස 17  වැනිදා රාත්‍රී 7.30 ට පරාජිතයන් පිටුදැකීමේ තරගය පැවැත්වේ.

තරගාවලියේ අවසන් මහ තරගය අගෝස්තු මස 20 වැනිදා රාත්‍රී 7.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර යම් හෙයකින් එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් 21 වැනිදා දිනය ඒ සඳහා අතිරේක දිනයක් ලෙස නම් කර තිබේ.

ඡායාරූප - ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් නිල ෆේස්බුක් පිටුවලිනි


අදහස් (0)

යාපනය - කොළඹ සමාරම්භක තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.