Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මෙසීගේ අභියාචනය අසාර්ථකයි

මෙසීගේ අභියාචනය අසාර්ථකයි

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආදායම් බදු වංචාවක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ අධිකරණය විසින් වරදකරු කරන ලද පාපන්දු ශූර ලයනල් මෙසී ඒ වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ අභියාචනය අසාර්ථක වී තිබේ. මෙම  බදු වංචාව සම්බන්ධයෙන් මෙසීට මාස 21 ක කාලයක් අත්හිටවූ සිරදඬුවම් නියම වී තිබිණ.

පසුගිය ජූලි මාසයේදී මෙසී මෙම ඉරණමට මුහුණ දුන්නේ ඩොලර් මිලියන 2.25 ක ආදායම් බදු මුදලක් වංචා කිරීම හේතුවෙනි. කෙසේ වෙතත් මෙසීට සිරගත වීමට සිදුනොවන බවත් කියැවේ. ස්පාඤ්ඤයේ නීතිය අනුව ප්‍රචණ්ඩකාරී නොවන වැරදි සම්බන්ධයෙන් වසර දෙකකට අඩු සිරදඬුවම් සඳහා කිසියම් සහන කාලයක් හිමිවේ. ඔවුන්ට එම සහන කාලය හිමිවන්නේ පෙර වැරදි නැත්නම් පමණි.

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා වශයෙන් වසර 5 කදීම සම්මාන දිනාගත් ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායකයා වන ලයනල් මෙසී ස්පාඤ්ඤයේ ‘බාර්සිලෝනා’ කණ්ඩායමද නියෝජනය කරයි.

වසර 2007 සිට 2009 දක්වා සිය සේයාරූ භාවිතා කිරීම වෙනුවෙන් බෙලිස්, බි්‍රතාන්‍යය, ස්විට්සර්ලන්තය සහ උරුගුවේ යන රටවලින් මෙසීට අයවිය යුතු මුදල් වලින් ආදායම් බදු ලෙෂ ගෙවිය යුතු වූ මුදල යුරෝ මිලියන 4.16 කි. මේ වෙනුවෙන් මෙසීට මෙන්ම ඔහුගේ පියා වන ජෝර්ජ් හොරේෂියෝ මෙසීට අධිකරණයෙන් නියම කරන ලද දඬුවම මාස 21 ක අත්හිටවූ සිර දඬුවමකි. පසුව මෙසී පිය පුතු දෙදෙනා සිය කැමැත්තෙන් යුරෝ මිලියන 5 ක මුදලක් (නොගෙවන ලද බදු මුදලට සමාන මුදලක්) ගෙවන ලද හෙයින් දඬුවම මාස 15 කට අඩුකරන ලද නමුත් අහෝසි නොකෙරිණ.

 


අදහස් (0)

මෙසීගේ අභියාචනය අසාර්ථකයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.