Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මෙල්බර්න් ටෙනිස් පිටිය ගිනියම් වෙයි

මෙල්බර්න් ටෙනිස් පිටිය ගිනියම් වෙයි

රොෂාන් ගුණරත්න - 2018 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙල්බර්න් නුවර මේ දිනවල පවතින අධික උෂ්ණත්වයට මුහුණ දෙමින්ම සිය සටන අත් නොහළ වත්මන් ශූරයා වන රොජර් ෆෙඩරර් ඕස්ටේ්‍රලියානු විවෘත ශූරතාවලියේ තුන්වැනි වටයට අද (18 වැනිදා) සුදුසුකම් ලබාගත්තේය.  සෙල්සියස් අංශක 40 ක දැඩි සූර්යතාපයට මුහුණ දෙමින් ඉතා අසීරුවෙන් තම තරගය ජයගත් සර්බියාවේ නොවැක් ජොකොවික්ද තුන්වැනි වටයට සුදුසුකම් ලබාගත්තේය.


ඕස්ටේ්‍රලියානු විවෘත තරගාවයලිය පැවැත්වෙන මෙල්බර්න් නුවර සෙල්සියස් අංශක 40 ක් හෙවත් ෆැරන්හයිට් අංශක 104 ක උෂ්ණත්වයක් පැවතීම හේතුවෙන් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අයිස් වලින් පිරුණු තුවා සිය ගෙල වටා දමාගෙන සිටියහ. ඒ අතර ගාබීන් මුගුරූසා මෙන්ම ස්ටෑන් වර්වින්කාද සිටියහ. එහෙත් ඔවුන් දෙදෙනාම තමන්ගේ තරග පරාජය වී සිටියහ. මේ අතර තරගාවලියට නැවතත් එක්වූ මාරියා ෂරපෝවා තරගාවලියේ ශ්‍රේණිගත ක්‍රීඩිකාවන් අතර 14 වැනි ස්ථානයේ සිටින ඇනස්ටාසියා සෙවැස්තෝවා පරාජය කරමින් තවත් පියවරක් ඉහළ නැංගාය.


ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලි 19 ක ශූරයා වූ රොජර් ෆෙඩරර් විසින් යාන් ලෙනාඞ් ස්ට්‍රෆ් ලකුණු 6-4, 6-4 සහ 7-6 ක් ලෙසින් පරාජය කරන ලදි.


“මම පුහුණුවීම් කරන්නේ එයත් එක්කයි. ඒ නිසා මේ තරගයට අවශ්‍ය සියලුම තොරතුරු මා ළඟ තිබුණා” යයි කී ෆෙඩරර්, “ඔබ කිසියම් කේෂේත්‍රයක මුදුනටම නැඟීමට නම් ඒ හා සම්බන්ධ සියලුම තත්ත්වයන් යටතේ ක්‍රීඩා කළ යුතුයි” යයිද පැවසීය. ෆෙඩරර් එසේ කීවේ මෙල්බර්න් නුවර පවතින අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.


වසර 2000 දී මුල්ම වතාවට ඕස්ට්්‍රලියානු විවෘත තරගාවලියට එක්වූ දා සිට සෑම වසරකදීම තරගාවලියේ තුන්වැනි වටයට සේන්දු වීමට ෆෙඩරර් සමත් වී තිබේ. එසේ වුවත් හය වතාවක් ඕස්ටේ්‍රලියානු විවෘත ශූරතාව දිනා ඇති නොවැක් ජොකොවික් සහ ගේල් මොන්ෆිල්ස් අතර පැවැති තරගය ඉතා තියුණු එකක් විය. අවසානයේදී ජොකොවික් 4-6, 6-3, 6-1 සහ 6-3 ක් ලෙසින් තරගය ජයගත්තේය.


“ඒක නම් හරිම අමාරු තත්ත්වයක්. මැරෙන්න වගේ ගියා. විශේෂයෙන්ම පළමු විනාඩි 90” යයි තරගය සහ උණුසුම සම්බන්ධයෙන් ජොකොවික් පැවසීය.

ගාබීන් මුගුරූසා මාරියා ෂරපෝවා

අදහස් (0)

මෙල්බර්න් ටෙනිස් පිටිය ගිනියම් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.