Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්

මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ අද (31 වැනිදා) ආරම්භවූ තරගයකදී ද්විත්ව ශතකයක් (නොදැවී 205) ලබාගැනීමට මුවර්ස් පිලේ රමේෂ් මෙන්ඩිස් සමත්විය.

මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව මූවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය පළමු දිනට අවසන් කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි මූවර්ස් පිල කඩුලු 6 ක් දැවී ලකුණු 509 ක් රැස් කිරීමට සමත්විය.

වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවූ රමේෂ් මෙන්ඩිස් පන්දු 207 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 19 ක් සමගින් නොදැවී ලකුණු 205 ක් ලබාගත්තේය.

රමේෂ් මෙන්ඩිස්ගේ ද්විත්ව ශතකයට අමතරව සචිත්‍ර සේරසිංහ ශතකයක් ලබාගැනීමට සමත්විය. පන්දු 174 කදී ලකුණු 149 ක් ලබාගත් සේරසිංහගේ ඉනිම හයේ පහර 4 ක් සහ හතරේ පහර 18 කින් අලංකාර විය.

රමේෂ් මෙන්ඩිස් සහ සචිත්‍ර සේරසිංහ එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 294 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.

2017/18 තරග වාරයේදී ‘බී’ ශ්‍රේණියේ තරගාවලියේ ශූරතාව දිනාගනිමින් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය දක්වා උසස් වීමක් ලබාගැනීමට මීගමුව ක්‍රීඩා සමාජය සමත්විය.
මෙම සති අන්තයේ තවත් තරග 3 ක් අද ආරම්භවූ අතර එහිදී ශතක ලබාගැනීමට සී.සී.සී පිලේ මිනෝද් භානුක (114) සහ ලසිත් අබේරත්න (නොදැවී 113) ද, සැරසන්ස් පිලේ ගමිඳු අමරසිංහ (නොදැවී 129) සමත්වූහ.

 

මීගමුව සහ මූවර්ස් කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී
මූවර්ස් - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 6 ක් දැවී 509
(චරිත කුමාරසිංහ 51, පබසර වඩුගේ 21, සචිත්‍ර සේරසිංහ 149, රමේෂ් මෙන්ඩිස් නොදැවී 205, නිමන්ද සුභසිංහ නොදැවී 58, සාද් නසීම් 155/3, රොෂේන් ප්‍රනාන්දු 66/2)


මිනෝද් - ලසිත් ශතක ලබති
සී.සී.සී සහ එස්.එස්.සී කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
සී.සී.සී - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 6 ක් දැවී 430
(පවන්ත වීරසිංහ 37, මිනෝද් භානුක 114, අෂාන් ප්‍රියංජන් 90, ලසිත් අබේරත්න නොදැවී 113, වනිඳු හසරංග 23, මලිඳු මදුරංග 21, චරිත් අසලංක 42/2, ආකාෂ් සේනාරත්න 96/2)


ලක්ෂාන්ට ශතකය අහිමි වෙයි
යුදහමුදා සහ බී.ආර්.සී කණ්ඩායම් අතර දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 89 කදී කඩුලු 3 ක් දැවී 279
(ලක්ෂාන් එදිරිසිංහ 99, දුෂාන් විමුක්ති 82, හිමාෂ ලියනගේ නොදැවී 40, අසේල ගුණරත්න නොදැවී 39)


ගමිඳුගෙන් ශතකයක්
ද්‍රවිඩ සංගමය සහ සැරසන්ස් කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 84.5 කදී කඩුලු 9 ක් දැවී 296
(ගමිඳු අමරසිංහ නොදැවී 129, මිලින්ද සිරිවර්ධන 76, චාමිකර එදිරිසිංහ 28, ජීවන් මෙන්ඩිස් 85/4, විමුක්ති පෙරේරා 46/3)
ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 1 කදී කිසිවකු නොදැවී 1

 


අදහස් (0)

මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.