Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මෙන්ඩිස් ත්‍රිත්ව ශතක ලාභීන්ගේ සමාජයට

මෙන්ඩිස් ත්‍රිත්ව ශතක ලාභීන්ගේ සමාජයට

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ දෙවැනි දිනටත් අද (1 වැනිදා) පැවැති මූවර්ස් සහ මීගමුව ක්‍රීඩා සමාජ අතර තරගයේදී ත්‍රිත්ව ශතකයක් (නොදැවී 300) ලබාගත් මුවර්ස් පිලේ රමේෂ් මෙන්ඩිස් දේශීය පළමු පෙළ තරගාවලියකදී ත්‍රිත්ව ශතක ලබාගත් සුළු පිරිස අතරට එක්වීය.

මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව මූවර්ස් ක්‍රීඩාංගණයේදී දෙවැනි දිනටත් අද පැවැති පැවැති තරගයේදී සිය පළමු ඉනිම සඳහා කඩුලු 8 ක් දැවී ලකුණු 652 ක් රැස්කළ මූවර්ස් පිල ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමට මීගමුව පිලට ආරාධනා කළේය.
ඊයේ දිනය අවසන් වනවිට පන්දු 207 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 19 ක් සමගින් ලකුණු 205 ක් රැස්කර සිටි රමේෂ් මෙන්ඩිස් අද දිනයේදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 27 කදී හයේ පහර 10 ක් සහ හතරේ පහර 28 ක් සමගින් නොදැවී ලකුණු 300 ක් රැස්කිරීමට සමත්විය.

රමේෂ් මෙන්ඩිස් සහ නිමන්ද සුභසිංහ එක්ව හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 155 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ. නිමන්ද සුභසිංහ පන්දු 76 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 90 ක් රැස්කිරීමට සමත්විය.

දෙවැනි දිනයට තරගය අවසන් කරන විට මීගමුව පිල කඩුලු 9 ක් දැවී ලකුණු 302 ක් රැස්කර සිටියේය. ඒ අනුව මූවර්ස් පිලට වඩා ලකුණු 350 ක් පසුපසින් සිටින මීගමුව පිලට පිට පිට දෙවැනි වරටත් පන්දුවට නොදී සිටීමට නම් තවත් ලකුණු 150 ක් ලබාගත යුතුව ඇත.

මූවර්ස් - පළමු ඉනිම - ඕවර 109.1 කදී කඩුලු 8 ක් දැවී 652
(චරිත කුමාරසිංහ 51, පබසර වඩුගේ 21, සචිත්‍ර සේරසිංහ 149, රමේෂ් මෙන්ඩිස් නොදැවී 300, නිමන්ද සුභසිංහ 90, සාද් නසීම් 197/3, රොෂේන් ප්‍රනාන්දු 101/3, උපුල් ඉන්ද්‍රසිරි 153/2)

මීගමුව - පළමු ඉනිම - ඕවර 68 කදී කඩුලු 9 ක් දැවී 302
(ඩිල්ෂාන් මුණවීර 43, පසිඳු ලක්ෂන්ක 23, සාද් නසීම් 58, රොස්කෝ තටිල් 77, ලක්ෂිත රසාංජන 53, සචිත්‍ර සේරසිංහ 66/3, කවිෂ්ක අංජුල 46/2, රමේෂ් මෙන්ඩිස්  74/3)

සී.සී.සී ලකුණු 500 සීමාව පසුකරයි

සී.සී.සී සහ එස්.එස්.සී කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
සී.සී.සී - පළමු ඉනිම - ඕවර 119 කදී සියලුදෙනා දැවී 548
(පවන්ත වීරසිංහ 37, මිනෝද් භානුක 114, අෂාන් ප්‍රියංජන් 90, ලසිත් අබේරත්න 153, වනිඳු හසරංග 23, මලිඳු මදුරංග 21, පවන් රත්නායක නොදැවී 71, ආකාෂ් සේනාරත්න 120/4, චරිත් අසලංක 53/2, හිමේෂ් රාමනායක 71/2, තරිඳු රත්නායක 99/2)

එස්.එස්.සී - පළමු ඉනිම - ඕවර 61 කදී කඩුලු 7 ක් දැවී 234
(සඳුන් වීරක්කොඩි 24, චරිත් අසංලක 33, කවිඳු කුලසේකර 84, පසිඳු සූරියබණ්ඩාර 48, මාලින්ද පුෂ්පකුමාර 52/3, උස්මාන් ඉෂාක් 58/2)

බී.ආර්.සී පරාජයෙන් ගැලවීමේ සටනක

යුදහමුදා සහ බී.ආර්.සී කණ්ඩායම් අතර දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 125.4 කදී සියලුදෙනා දැවී 435
(ලක්ෂාන් එදිරිසිංහ 99, දුෂාන් විමුක්ති 82, හිමාෂ ලියනගේ 48, අසේල ගුණරත්න 82, සීකුගේ ප්‍රසන්න 42, දුවිඳු තිලකරත්න 80/4, සාගර් මංගලෝර්කර් 64/2)

බී.ආර්.සී - පළමු ඉනිම - ඕවර 25.5 කදී සියලුදෙනා දැවී 88
(දුෂාන් විමුක්ති 20/5, හේෂාන් හෙට්ටිආරච්චී 30/3)

බී.ආර්.සී - දෙවැනි ඉනිම - ඕවර 16.4 කදී කඩුලු 2 ක් දැවී 59
(සාගර් මංගලෝර්කර් නොදැවී 36)

ද්‍රවිඩ සංගමය කඩුලු 9 කට 245

ද්‍රවිඩ සංගමය සහ සැරසන්ස් කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 84.5 කදී කඩුලු 9 ක් දැවී 296
(ගමිඳු අමරසිංහ නොදැවී 129, මිලින්ද සිරිවර්ධන 76, චාමිකර එදිරිසිංහ 28, ජීවන් මෙන්ඩිස් 85/4, විමුක්ති පෙරේරා 46/3)

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 91 කදී කඩුලු 9 ක් දැවී 245
(මදුක ලියනපතිරණගේ 26, ප්‍රසන්සන ජයමාන්න 23, ජීවන් මෙන්ඩිස් 83, මනෝජ් සරත්චන්ද්‍ර 26, මොහොමඞ් ඩිල්ෂාඞ් 31/3, චාමිකර එදිරිසිංහ 71/2


අදහස් (0)

මෙන්ඩිස් ත්‍රිත්ව ශතක ලාභීන්ගේ සමාජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.