Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරග දෙක සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් බංග්ලාදේශය ක්‍රිකට් මණ්ඩලය විසින් නම්කරනු ලැබ ඇත. අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට නොපැමිණි සකිබ් අල් හසන් සහ මුස්ටෆිසුර් රෙහෙමාන් දෙදෙනාද මෙම 15 දෙනා අතරට එක්වී සිටිති.
සකීබ් අල් හසන් අවසන් වරට බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කළේ පසුගිය ජනවාරි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවය. එහිදි සකිබ් ලබාගත් තීරණාත්මක අර්ධ ශතකයෙන් බංග්ලාදේශයට ජය හිමිවිය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවී නැවතත් සිය රට බලා පැමිණි ෂකිබ් අල් හසන් සහ මුස්තෆිසුර් රහ්මාන්ට දින 14 ක නිරෝධායනකට ලක්වීමට සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය අහිමි වීමේ අවදානමක් පැවැතුණි. නමුත් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ඉල්ලීමකට අනුව නිරෝධායනය අවසන් වීමට දින දෙකකට පෙර ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට එරට සෞඛ්‍ය අංශය පියවර ගත්තේය.
මේ වසරේ මාර්තු මාසයේදී නවසීලන්තයේ සංචාරය කළ කණ්ඩායමම මෙම තරගාවලියට එක්කර ගැනීමට බංග්ලාදේශ තේරීම් කමිටුව පියවරගෙන ඇති අතර රුබෙල් හුසේන්, නසුම් අහමඩ්, හසන් මහමුද් සහ අල් අමීන් හුසේන් යන ක්‍රීඩකයින්ට සංචිතයේ ස්ථානයක් හිමිවී නැත. අතිරේක ක්‍රීඩකයන් ලෙස මොහොමඩ් නයිම්, තයිජුල් ඉස්ලාම්, ෂොහිදුල් ඉස්ලාම් සහ අමිනුල් ඉස්ලාම් බිප්ලොබ් නම් කර තිබේ.
පළමු එක්දින තරග දෙක මැයි 23 සහ 25 යන දිනවල ඩකා නුවරදී පැවැත්වේ.
බංග්ලාදේශ සංචිතය
තමීම් ඉක්බාල් (නායක), ලිටන් දාස්, ෂකිබ් අල් හසන්, මුෂ්ෆිකුර් රහීම්, මොහොමඩ් මිතුන්, මහමුදුල්ලා, අෆිෆ් හුසේන්, මෙහිඩි හසන් මිරාස්, මොහොමඩ් සයිෆුදින්, ටස්කින් අහමඩ්, මුස්තෆිසුර් රහ්මාන්, සෞම්‍ය සර්කාර්, මොසැඩෙක හුසේන්, මෙහෙදි හසන්, ෂොරිෆුල් ඉස්ලාම්.
අතිරේක ක්‍රීඩකයන්
මොහොමඩ් නයිම්, තායිජුල් ඉස්ලාම්, ෂොහිදුල් ඉස්ලාම්, අමීනුල් ඉස්ලාම් බිප්ලොබ්
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.