Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගුණ ජය සතුට පදනම පස්වැනි වරටත් සංවිධානය කරනු ලබන මුරලි සාම කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය කුමාර් සංගක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිහිදී අද (20 වැනිදා) පැවැත්විය.
හෙට සිට ආරම්භවන ක්‍රිකට් තරගාවලිය 25 වැනිදා දක්වා උතුරු පළාතේ යාපනය, ඔඩ්ඩුසුඩාන්, මාන්කුලම් සහ කිලිනොච්චි යන නගරවල ක්‍රීඩාංගණ පහකදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙහිදී ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවූ කුමාර් සංගක්කාර මහතාගෙන් ප්‍රශ්න ඇසීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට අවස්ථාවක් හිමිවූයෝය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කුමාර් සංගක්කාර මහතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකුවීම සදහා කෙතරම් කැපවීමක් කළයුතුදැයි ඔවුන්හට පහදා දුන්නේය.
මෙම අවස්ථාව සදහා ගුණ ජය සතුට පදනමේ නිර්මාතෘ කුසිල් ගුණසේකර මහතා, යුද හමුදාවේ ඉහළ නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.