ගුණ ජය සතුට පදනම පස්වැනි වරටත් සංවිධානය කරන මුරලි සාම කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම මස 21 වැනිදා සිට 25 වැනිදා දක්වා උතුරු පළාතේ යාපනය, ඔඩ්ඩුසුඩාන්, මාන්කුලම් සහ කිලිනොච්චි යන නගරවල ක්‍රීඩාංගණ පහකදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
|
මුරලි සාම කුසලාන දිනාගත් කණ්ඩායම්
2012 -
|
මාන්කුළම් මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය, කිළිනොච්චී මධ්‍ය මහා විද්‍යලීය ක්‍රීඩාංගණය, ඔඞ්ඩුසාඩාන් මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය, යාපනය ශා. පැට්‍රික් විද්‍යලීය ක්‍රීඩාංගණය සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයන් හිදී මෙම තරග පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනකු වන මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ගුණ ජය සතුට පදනමේ ක්‍රියාකාරී සමාජිකයෝ වෙති.
මෙම තරගාවලියේ වයස 19 න් පහළ පාසල් තරගාවලිය සදහා කණ්ඩායම් 16 ක්ද, වයස 23 න් පහළ කාන්තා තරගාවලිය සදහා කණ්ඩායම් 8 ක්ද සහභාගි වීමට නියමිතය.
බාලක තරගාවලිය කාණ්ඩ හතරකට බෙදා ඇති අතර එම කාණ්ඩවල වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා විද්‍යාලය අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගනී.
මූලික වටයේ තරග 21, 22 සහ 23 දිනයන්හිදී ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වෙන අතර අර්ධ අවසන් තරග 24 වැනිදා ඔඞ්ඩුසාඩාන් මහා විද්‍යලීය ක්‍රීඩාංගණයේදීත් අවසන් මහා තරගය 25 වැනිදා කිළිනොච්චී මධ්‍ය මහා විද්‍යලීය ක්‍රීඩාංගණයයේදී පැවැත්වීමට කටයුතු යොද ඇත.
කාන්තා තරගාවලිය කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර එම කාණ්ඩවල වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනී.
අවසන් පූර්ව තරග මාන්කුලම් මහා විද්‍යලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් මහා තරගය 25 වැනිදා කිළිනොච්චී මධ්‍ය මහා විද්‍යලීය ක්‍රීඩාංගණයයේදී පැවැත්වීමට කටයුතු යොද ඇත.
19 පහළ පාසල් කණ්ඩායම්
යාපනය ඒකාබන්ධ පාසල් කණ්ඩායම, කොළඹ රාජකීය විද්‍යාලය, සීනීගම ඒකාබන්ධ පාසල් කණ්ඩායම, කඳුරට ඒකාබන්ධ පාසල් කණ්ඩායම, යාපනය මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය, මොණරාගල ඒකාබන්ධ පාසල් කණ්ඩායම, මරදාන සහිරා විද්‍යාලය, කිලිනොච්චි - මුලතිව් ඒකාබන්ධ පාසල් කණ්ඩායම, කොළඹ නාලන්ද විද්‍යාලය, කළුතර විද්‍යාලය, රත්නපුර ශාන්ත ඇලවිෂියස් විද්‍යාලය, මන්නාරම් - වව්නියා ඒකාබන්ධ පාසල් කණ්ඩායම, මහනුවර කිංග්ස්වූඞ් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, ත්‍රිකුණාමලය - මඩකළපුව ඒකාබන්ධ පාසල් කණ්ඩායම
23 න් පහළ කාන්තා කණ්ඩායම්
නිට්ටඹුව කාන්තා කණ්ඩායම, ශක්ති කාන්තා කණ්ඩායම, උතුරු - නැගෙනහිර කාන්තා කණ්ඩායම, බදුල්ල කාන්තා කණ්ඩායම, සීනීගම කාන්තා කණ්ඩායම, මාතලේ කාන්තා කණ්ඩායම, පොලොන්නරුව කාන්තා කණ්ඩායම, මොණරාගල කාන්තා කණ්ඩායම
මුත්තයියා මුරලිදරන් සහ කුෂිල් ගුණසේකර යන මහත්වරුන් අදහස් දක්වමින් ...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.