එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආරාධිත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට සහ පුහුණු කඳවුරකට සහභාගිවීම සඳහා මුරලි සාම ක‍්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය.
කේ. පී. 24 පදනමේ (එංගලන්ත හිටපු ටෙස්ට් ක‍්‍රීඩක කෙවින් පීටර්සන්ගේ මූලිකත්වයෙන් පිහිටුවා ගන්නා ලද සමාජ සත්කාර සංවිධායකි) ආරාධනාවකට අනුව මුරලි සාම ක‍්‍රිකට් කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි වෙයි. පසුගියදා පැවති මුරලි කුසලාන තරගාවලියේදී දස්කම් දැක්වු යොවුන් ක‍්‍රීඩකයෝ 12 දෙනෙක් මුරලි සාම ක‍්‍රිකට් කණ්ඩායමට එක්ව මෙම සංචාරයට සහභාගි වෙති.
තරග සංචාරය දින 10 ක් වුවද, ඉන් දින හතකදීම විශේෂඥ පුහුණු කඳවුරු පැවැත්වීමට නියමිතය. සංචාරයේ අවසන් දින තුනේදී විස්සයි20 තරග පැවැත්වේ.
2012 වසරේදී ආරම්භ වු මුරලි සාම කුසලාන ක‍්‍රිකට් තරගාවලිය වාර්ෂිකව විස්සයි20 තරග රටාවෙන් ක‍්‍රියාත්මක වේ. දිවයින පුරා සිටින වයස 19 න් පහළ පාසල් ක‍්‍රීඩකයන්ට ජාතික තලයට ඒමේ අවස්ථාව ලබාදීමට මෙන්ම වයස 23 න් පහළ ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් ද එහිදී තරග සංවිධානය කෙරේ.
එංගලන්ත ටෙස්ට් පිලේ හිටපු ක‍්‍රීඩක කෙවින් පීටර්සන් ආරම්භ කළ කේ. පී. 24 පදනම මගින් යොවුන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ජාත්‍යන්තර තලයට ගෙන ඒමේ සංවර්ධන වැඩසටහන් මෙන්ම වෙනත් ක‍්‍රීඩා සහ අධ්‍යාපනය සඳහා ද දායකත්වය සපයයි.
‘ඔකියුලර් මෙලනොමා’ යනුවෙන් හැ`දින්වෙන ඉතාමත් දුර්ලභ ගණයේ අක්‍ෂි පිළිකාවට ගොදුරුවුවන් ගලවා ගැනීමට උපකාර කිරීමද මෙම පදනම හරහා සිදුවීම විශේෂත්වයකි.
මුරලි සාම කණ්ඩායම :
නිපුන් හග්ගල්ල (නායකයා - කොළඹ ආනන්ද විද්‍යාලය), එස්.කේ. කිරිදරන් (මන්නාරම - වවුනියා ඒකාබද්ධ පාසල), විශ්ව දිසානායක (කුරුණෑගල මලියදේව විදුහල), අවිශ්ක ෂෙහාන් (ත‍්‍රීකුණාමල - මඩකලපු ඒකාබද්ධ කණ්ඩායම), දිලීප සඳරුවන් (මොණරාගල ඒකාබද්ධ කණ්ඩායම), එම්. ජී. අකලංක, නිරෝෂාන් බෙන්ජමින් (යාපනය ශා.ජෝන් විදුහල), කේ. කේ. කෙවින් (ගාල්ල රිච්මන්ඞ් විදුහල), එස්. තසෝබන් (යාපනය ඒකාබද්ධ කණ්ඩායම), භානුක ප‍්‍රමුදිත (අම්බලන්ගොඩ පී.ද.එස්.කුලරත්න විදුහල), චානුක අසින්සන (දෙබරවැව ජාතික පාසල), මුගුන්තන් නිතුෂාන් (කිලිනොච්චි සහ මුලතිව් මිශ‍්‍ර පාසල), ජේ. ප‍්‍රනාන්දු මහතා (කළමනාකරු), චමින්ද ද සිල්වා (සහය කළමනාකරු සහ සම්බන්ධීකරණ නිලධාරි), ඒ. එස්. නිශාන්තන් මහතා (පාසල් නියෝජිත)
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.