මුරලි සාම කුසලාන විස්සයි:20 ක‍්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය ලකුණු 24 කින් පරාජය කළ කොළඹ ආනන්ද විද්‍යාලය පිට පිට දෙවන වරටත් මුරලි සාම කුසලාන දිනා ගත්තේය. මෙම තරගය ඊයේ (11 වැනිදා) ඔඞ්ඩුසුඩාන් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විය.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් කොළඹ ආනන්ද විද්‍යාලය ඕවර 20 අවසානයේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 137 ක් රැස් කිරීමට සමත් විය.
ලකුණු 138 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයට ඕවර 18.5 කදී සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 113 ක් පමණි.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ දිනුක ජයරත්න ඕවර 4 කදී නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 10 කට කඩුලූ 3 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත් අතර පිත්තෙන්ද දස්කම් දක්වමින් ලකුණු 26 ක් ලබා ගත්තේය.
කොළඹ ආනන්ද විද්‍යාලය - ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 137
(කවිෂ්ක අංජුල 28, දිනුක ජයරත්න 26, රහල් අවිශ්ක 20, අවිඳු තීක්ෂණ 25/2, කේ. කෙවින් 27/2)
ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය - ඕවර 18.5 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 123
(කලිඳු සිරිවර්ධන 36, කමිඳු මෙන්ඩිස් 21, ධනංජය ලක්ෂාන් 20, දිනුක ජයරත්න 10/3, සුපුන් වරාගොඩ 20/2, කවිෂ්ක අංජුල 32/2, අචිල ඉරංග 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.