Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුම්බායි පිලට ලකුණු 48 ක ජයක්

මුම්බායි පිලට ලකුණු 48 ක ජයක්

editorial - 2020 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කරන් පොලාඩ්ගේ සහ හර්දික් පාණ්ඩ්‍යයාගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 13 වැනි තරගයේදී කිංග්ස් XI පංජාබ් පිලට එරෙහිව ලකුණු 48 ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල ඊයේ සමත්විය.

කාසියේ වාසිය දිනූ කිංග්ස් XI පංජාබ් පිල පන්දුවට පහරදීම සඳහා මුම්බායි ඉන්දියන්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 191 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.

නායක රෝහිත් ෂර්මා පන්දු 45 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 70 ක් රැස්කරමින් මුම්බායි පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. නමුත් මැද පෙළ පිත්කරුවන්වූ කරන් පොලාඩ් පන්දු 20 කදී හතරේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 47 ක් සහ හර්දික් පාණ්ඩ්‍යයා පන්දු 11 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 30 ක් ලබාගනිමින් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය කිංග්ස් XI පංජාබ් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143 ක් පමණී.

නිකලස් පූරන් පන්දු 27 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් වේගවත් ලකුණු 44 ක් රැස්කළද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් කිංග්ස් XI පංජාබ්  පිලට පරාජය උරුම විය.

රාහුල් චාහර් සහ ජේම්ස් පැටින්සන් කඩුලු 2 බැගින් බිඳ හෙළමින් මුම්බායි ඉන්දියන්ස් පිලේ ජයග්‍රහණයට දායක වූහ.


මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 191
(රෝහිත් ෂර්මා 70, ඉශාන් කිෂාන් 28, කරන් පොලාඩ් නොදැවී 47, හර්දික් පාණ්ඩ්‍යයා නොදැවි 30)

කිංග්ස් XI පංජාබ් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 143
(මයන්ක් අගර්වාල් 25, නිකලස් පූර්න් 44, ක්‍රිෂ්නප්පා ගෞතම් නොදැවී 22, රාහුල් චාහර් 26/2, ජේම්ස් පැටින්සන් 28/2)

- 2079

 

(ඡායාරූප  - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)


අදහස් (0)

මුම්බායි පිලට ලකුණු 48 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.