Last Update  :  2025-07-16 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුම්බායි ක්‍රීඩකයෝ හඹාගොස් ජය ලබති

මුම්බායි ක්‍රීඩකයෝ හඹාගොස් ජය ලබති

editorial - 2023 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව මොහාලිහිදී ඊයේ (3 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මුම්බායි කණ්ඩායම මෙවර තරගාවයලියේදී ලැබූ 5 වැනි ජය මෙය වුවද, තවමත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැදී සිටීමට සිදුව තිබේ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි කණ්ඩායම පන්දු 7 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය. තිලක් වර්මා පන්දු 10 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 26 ක්ද, ටිම් ඩේවිඩ් පන්දු 10 කදී හතරේ පහර 3 සමග නොදැවී ලකුණු 19 ක්ද රැස්කරමින් මුම්බායි කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

නායක රෝහිත් ශර්මා ලකුණු නොළබා දැවී ගියද, ඉෂාන් ක්‍රිෂන් හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමග පන්දු 41 කින් ලකුණු 75 ක්ද, සූර්යකුමාර් යාදව් හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග පන්දු 31 කින් ලකුණු 66 ක්ද රැස්කරමින් මුම්බායි කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩුතාලම දැමූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම ඕවර අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 214 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ලයෑම් ලිවිංග්ස්ටන් පන්දු 42 කින් නොදැවී ලකුණු 82 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. ජිතේෂ් ශර්මා (නොදැවී 49) සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 52 කදී ලකුණු 119 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලිවිංග්ස්ටන් සමත් විය. 

පංජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 කදී 214 
(ශිකර් ධවාන් 30, මැතිව් ෂෝට් 27, ලයෑම් ලිවිංග්ස්ටන් නොදැවී 82, ජිතේෂ් ශර්මා නොදැවී 49, පියුෂ් චවුලා 29/2) 

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 18.5 කදී කඩුලු 4 කදී 216 
(ඉෂාන් කිෂන් 75, කැමරන් ග්‍රීන් 23, සූර්යකුමාර් යාදව් 66, ටිම් ඩේවිඩ් නොදැවී 19, තිලක් වර්මා නොදැවී 26, නේතන් එලිස් 34/2) 

-036 


අදහස් (0)

මුම්බායි ක්‍රීඩකයෝ හඹාගොස් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.