Last Update  :  2025-07-23 16:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුම්බායි ක්‍රීඩකයෝ පළමු ජය ලබති
අයි.පී.එල්. - 2022

මුම්බායි ක්‍රීඩකයෝ පළමු ජය ලබති

editorial - 2022 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 44 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (30 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 9 කට සහභාගි වී සිටින මුම්බායි කණ්ඩායම එහිදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ක්‍රීඩකයෝ කඩුලු 5 ක් දැවී එම ඉලක්කයක් පසුකර ගියහ. පන්දු 9 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 20 ක් රැස්කළ ටිම් ඩේවිඩ්, මුම්බායි කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

පන්දු 39 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 51 ක් රැස්කළ සූර්යකුමාර් යාදව් මුම්බායි ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය. එහිදී තිලක් වර්මා (35) සමග එක්ව පන්දු 56 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටත් යාදව් සමත් විය. 

පන්දු 30 කට මුහුණදුන් වර්මා හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සිය ඉනිම සැරසූ අතර ආරම්භක පිතිකරු ඉෂාන් කිෂන් පන්දු 18 කින් ලකුණු 26 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. යළිත් වරක් අසාර්ථක වූ නායක රෝහිත් ශර්මා ලකුණු 2 ක් ලබා සිටියදී රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 158 ක් ලබා ගත්තේය. රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ජොස් බට්ලර් පන්දු 52 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 67 ක් රැස්කළේය. 

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 158 
(ජොස් බට්ලර් 67,  දෙව්දූත් පඩික්කල් 15, සංජු සැම්සන් 16, ඩර්ලි මිචෙල් 17, රවිචන්ද්‍රන් අෂ්වින් 21, රිලී මරිඩෙත් 24/2, රිතික් ශෝකීන් 47/2) 

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 19.2 කදී කඩුලු 5 කට 161 
(ඉෂාන් කිෂන් 26, සූර්යකුමාර් යාදව් 51, තිලක් වර්මා 35, ටිම් ඩේවිඩ් නොදැවී 20) 

-036


අදහස් (0)

මුම්බායි ක්‍රීඩකයෝ පළමු ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.