Last Update  :  2025-08-16 16:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මිස්බා පාකිස්තානු පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුරට

මිස්බා පාකිස්තානු පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුරට

editorial - 2019 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටුවේ ප්‍රධානියා වශයෙන් හිටපු නායක මිස්බා උල් හක් මහතා පත්කිරීමට එරට ක්‍රිකට් ආයතනය අද (4 වැනිදා) තීරණය කර තිබේ.

මෙම වසරේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තාන කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා හෝ නොපැමිණිම හේතුවෙන් හිටපු පුහුණුකරු මිකී ආතර් මහතාගේ සේවා කාළය දීර්ඝ නොකිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

එමෙන්ම පන්දු යැවීමේ පුහුණුකරු අසාර් මහ්මූඞ්ට සහ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් යන මහත්වරුන්ටද සිය සේවා කාළය අවසන් කිරීමට සිදුවිය.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය මෙම පත්වීම වසර 3 ක කාළයක් සඳහා ලබාදී ඇති අතර හිටපු නායකයා විසින් තමත් වසර 3 ක කාළයකට ආකෘති තුන (ටෙස්ට්, එක්දින, විස්සයි20) සඳහාම පුහුණුකරු වශයෙන් කටයුතු කිරීමට ගිවිසුම් අත්සන් කළ බව නිවේදනයක් නිකුන් කරමින් පැවසීය.

30 වැනි පාකිස්තාන පුහුණුකරු වශයෙන් මිස්බා උල් හක් මහතා පත්වූ අතර ඉතිහාසයේ පළමු වරට ප්‍රධාන පුහුණුකරුවාට තේරීම් කමිටු ප්‍රධානි තනතුර ලබාදීම කැපී පෙනුනි. නවසීලන්තයේ සිදුවන්නේද මෙම ක්‍රියා පිළිවෙතය.

තවත් හිටපු නායකයකු වන වකාර් යුනිස් මහතා පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් වසර 3 ක කාළයක් සඳහා පත්කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. වකාර් යුනිස් මහතා මීට පෙර දෙවතාවක් ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කර ඇත.

මිස්බා උල් හක් මහතා ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්කිරීමට පෙර 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් හිටපු ඕස්ට්‍රේලියානු පිතිකරු ඩීන් ජෝන්ස් සහ හිටපු පාකිස්තාන පුහුණුකරු මෝෂින් ඛාන් යන මහත්වරුන්ද සම්මුඛ පරීක්‍ෂණයට ලක්කර ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව මෙම මස 27 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා පැවැත්වෙන එක්දින තරග 3 කින් සහ විස්සයි 20 තරග 3 කින් සමන්විත තරගාවලියන්හිදී මිස්බා උල් හක් සහ වකාර් යුනිස් යන මහත්වරුන්ගේ සේවා කාළය ආරම්භවනු ඇත.

නොවැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතවන පාකිස්තානය බ්‍රිස්බේන් සහ ඇඩිලේඞ්හිදී ටෙස්ට් තරග 2 කට සහභාගී වීමට නියමිතව ඇත.

තරග 56 කට නායකත්වය ලබාදී ඇති මිස්බා උල් හක් තරග 26 ක් ජයග්‍රහණය කරා රැගෙන යමින් තරග 11 ක් විසඳුමකින් තොරව අවසන් කරමින් පාකිස්තානයෙන් බිහිවූ සාර්ථකම ටෙස්ට් නායකයා බවට පත්විය. ටෙස්ට් තරග 75 ක්, එක්දින තරග 162 ක් සහ විස්සයි20 තරග 39 ක් ක්‍රිඩාකර ඇති මිස්බා උල් හක් 2017 වසරේදී ක්‍රීඩාවෙන් සමුගත්තේය.

පාකිස්තානය මේ වනවිට ටේස්ට් ශ්‍රේණිගත කිරීම්හී 7 වැනි ස්ථානයේත්, එක්දින ශ්‍රේණිගත කිරීම්හී 6 වැනි ස්ථානයේත් පසුවන අතර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණේ පසුවන්නේය.

...


අදහස් (0)

මිස්බා පාකිස්තානු පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.