Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නව එක්දින නායකයා ලෙස මෙහෙදි හසන් මිරාස් පත්කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය බ්‍රහස්පතින්දා රාත්‍රියේ හදිසියේම තීරණය කළේය. මෙහෙදි හසන් මිරාස්, “ඉදිරි මාස 12 සඳහා” නජ්මුල් හොසේන් ශන්ටෝ වෙනුවට බංග්ලාදේශ එක්දින කණ්ඩායම මෙහෙයවනු ඇත.
තම පිතිහරඹය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා නජ්මුල් හොසේන් ශන්ටෝ මෑතකදී විස්සයි-20 නායකත්වයෙන් ඉවත් විය. එහෙත් එක්දින නායකයා ලෙස දිගටම කටයුතු කිරීමට ශන්ටෝ සූදානම්ව සිටියද බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය හදිසියේම වෙනත් තීරණයක් ගෙන තිබේ.
“එක්දින ආකෘතියේදී බංග්ලාදේශය ඉදිරියට ගෙන යාමට ධෛර්යය සහ පරිණතභාවය ඔහුට ඇති බව අපි විශ්වාස කරනවා” යයි ද නස්මුල් අබදීන් මහතා වැඩිදුරටත් පැවසීය.
“කොහොම වුණත් මෙතෙක් කලක් නායකයා වශයෙන් කටයුතු කළ ශන්ටෝ පෙන්නුම් කළ ධනාත්මක බව සහ ධෛර්යසම්පන්න බව වෙනුවෙන් ඔහුට ස්තූති කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගන්නවා. ඔහු අපේ නායකත්ව කණ්ඩායමේ කොටසක් ලෙස තවමත් සිටින අතරම ඔහුගේ පිතිහරඹය කණ්ඩායමට කොතරම් වැදගත් දැයි අපි දන්නවා” යයි ද බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
“බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම වගකීම පැවරීම මට ලැබුණු විශාල ගෞරවයක්”
“තමන්ගේ රටේ ජාතික කණ්ඩායම මෙහෙයවීම ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සිහිනයක්. ක්‍රිකට් පාලක මණ්ඩලය මා කෙරෙහි පෙන්වා ඇති විශ්වාසයට මම කෘතඥ වෙනවා” යයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයකට මෙහෙදි හසන් මිරාස් පවසා තිබිණ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.