Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැන්චෙස්ටර් සිටි - ලිවර්පූල් මුල් කඩයිම් පනිති
ශූරයන්ගේ ලීග් පාපන්දු

මැන්චෙස්ටර් සිටි - ලිවර්පූල් මුල් කඩයිම් පනිති

editorial - 2022 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුරොපීය පාපන්දු සම්මේලනයේ සංවිධානයෙන් යුරෝපීය පාපන්දු ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු අදියරේදී ජයග්‍රහණය වාර්තා කිරීමට මැන්චෙස්ටර් සිටි සහ ලිවර්පූල් ක්‍රීඩා සමාජ සමත් වූහ.

මෙම සතියේදී පැවැති අවසන් පූර්ව වටයේ පළමු අදියරේ තරගවලදී රියල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 4-3 ක ජයක් වාර්තා කිරිමට මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය වූ අතර විලාරියල් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 2-0 ක ජයක් වාර්තා කිරීමට ලිවර්පූල් ක්‍රීඩා සමාජය සමත් විය.

තරගාවලියේ අවසන් පූර්ව වටය අදියර දෙකකින් සමන්විත වන අතර එහිදී එක් කණ්ඩායමක් තවත් කණ්ඩායම් සමග තරග දෙකකට බැගින් සහභාගි වනු ඇත. එම තරග දෙකේදී වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

අවසන් පූර්ව වටයේ දෙවැනි අදියර ලබන සතියේදී පැවැත්වෙන අතර එහිදී විලාරියල් ක්‍රීඩා සමාජය සහ ලිවර්පූල් ක්‍රීඩා සමාජය අතර තරගය මැයි මස 3 වැනිදාද, රියල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජය සහ මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය අතර තරගය මැයි මස 4 වැනිදාද පැවැත්වීමට නියමිතය.

අවසන් මහ තරගය මැයි මස 28 වැනිදා ප්‍රංශයේ ජාතික ක්‍රීඩාගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ ශූරතාව සඳහා යූරෝ මිලියන 20 ක (රුපියල් බිලියන 7.34 ක් පමණ) මුදලක් පිරිනැමෙන අතර අනු ශූරතාව සඳහා යුරෝ මිලියන 15.5 ක මුදලක් පිරිනැමෙනු ඇත.

වසර 67 ක ඉතිහාසයකට හිමිකම් කියන මෙම තරගවලියේදී වැඩිම ශූරතා සංඛ්‍යාවක් දිනාගැනීමට රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය සමත්ව ඇත්තේ ඒ ශූරතා 13 කට හිමිකම් කියමිනි.

අවසන් වරට පැවැති (2021) පැවැති තරගාවලියේ ශූරතා දිනාගනු ලැබුවේ චෙල්සි ක්‍රීඩා සමාජය විසිනි.

-036

 


අදහස් (0)

මැන්චෙස්ටර් සිටි - ලිවර්පූල් මුල් කඩයිම් පනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.