Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
මිචෙල් මාෂ් (45) සහ ග්ලෙන් මැක්ස්වෙල් (නොදැවී 54) දෙදෙනාගේ ප්‍රහාරය නිසා ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඇඩ්ලේඩ් පිටියේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ නියමිත ඕවර 20 නිමාවන විට ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 8 ක් දැවී ලකුණු 168 ක් ලබාගත්හ.
ඉනිම ආරම්භයේදීම ඕස්ට්‍රේලියානුවන් ප්‍රහාරය ආරම්භ කළ නමුත් තුන්වැනි ඕවරයේදී කැමරන් ග්‍රීන් දැවීයාම සත්කාරකයන් අපේක්‍ෂා කළ යමක් නොවීය.
අංක 3 පිතිකරුවා වූ මිචෙල් මාෂ් දිගින් දිගටම ආක්‍රමණය පවත්වාගෙන ගියද ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත් සහ මැතිව් වේඩ් වැනි පළපුරුදු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාගැනීමට ඇෆ්ඝනිස්ථානු පන්දු යවන්නෝ සමත් වූහ.
මිචෙල් මාෂ් දැවී යන විට කඩුලු 4 ට ලකුණු 84 ක් වූ ලකුණු සංඛ්‍යාව 139 ක් දක්වා ගෙන යාමට මාකස් ස්ටොයිනිස් සහ මැක්ස්වෙල් පියවර ගත්හ. කෙසේ වෙතත් මැක්ස්වෙල්ගේ පිතිහරඹය ඕස්ට්‍රේලියානුවන් ගොඩ ඒමේ තීරණාත්මක සාධකය විය. පන්දු 32 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සිය ඉනිමට ඇතුළත් කළේය.
ඕස්ට්‍රේලියානුවන්ට බලවත්ම පාඩුව වූයේ නායක ඒරන් ෆින්ච්, මිචෙල් ස්ටාක් සහ තරුණ ක්‍රීඩක ටිම් ඩේවිඩ් තිදෙනාම මෙම තරගයට ක්‍රීඩා නොකිරීමයි. ඔව්හු තිදෙනාම තුවාල ලබා සිටිති.
තවමත් සිටින විස්සයි-20 ලෝක ශූරයන් වන ඕස්ට්‍රේලියානුවන්ට, තමන්ගේ ශුද්ධ ලකුණු වේගය ඉහළ දමාගැනීම සඳහා අද තරගයේදී විශාල ජයග්‍රහණයක් ඕනෑකර තිබේ.
ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 168 යි
(ඩේවිඩ් වෝනර් 25, මිචෙල් මාෂ් 45, මාකස් ස්ටොයිනිස් 25, ගලෙන් මැක්ස්වෙල් නොදැවී 54 ෆසල්හක් ෆාරුක් 29/2, නවීන් උල් හක් 21/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.