Last Update  :  2024-04-29 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාෂ් - ඩේවිඩ් ඕස්ට්‍රේලියාව දිනවති

මාෂ් - ඩේවිඩ් ඕස්ට්‍රේලියාව දිනවති

editorial - 2024 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර වෙලිංටන්හිදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. මෙම ජයත් සමග දෙරට තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඕස්ට්‍රේලියාවට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවෝ අවසන් පන්දුවේදී ඉලක්කය සපුරාගත්හ. ඕස්ට්‍රේලියානුවන්ට තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දු 3 දී ලකුණු 12 ක් රැස්කරගත යුතුව තිබූ අතර හයේ පහරක්, දෙකක් සහ හතරේ පහරක් සමග එම ලකුණු සංඛ්‍යාව ලබාගත් ටිම් ඬේවිඞ් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

වේගවත් පිතිහරඹයක නිරත වූ නායක මිචෙල් මාෂ් පන්දු 44 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 72 ක් රැස්කළ අතර ටිම් ඬේවිඞ් (නොදැවී 31) සමග එක්ව පන්දු 19 කදී ලකුණු 44 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමටද මාෂ් සමත් විය. පන්දු 10 කදී වාර්තා වූ ඬේවිඞ්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 215 ක් ලබාගත් අතර එහිදී ඩොවෝන් කොන්වේ (63) සහ රචින් රවින්ද්‍ර (68) අර්ධ ශතක ලබාගත්හ. පන්දු 46 කදී වාර්තා වූ කොන්වේගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත වූ අතර පන්දු 35 කදී වාර්තා වූ රචින්ගේ ඉනිමට හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. 


නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 3 කට 215
(ෆින් ඇලන් 32, ඩොවොන් කොන්වේ 63, රචින් රවින්ද්‍ර 68, ග්ලේන් පිලිප්ස් නොදැවී 19, මාක් චැප්මන් නොදැවී 18) 

ඕස්ට්‍රේලියාව  - ඕවර 20 කඩුලු 4 කට 216
(ට්‍රැවීස් හෙඞ් 24, ඬේවිඞ් වෝනර් 32, මිචෙල් මාෂ් නොදැවී 72, ග්ලේන් මැක්ස්වෙල් 25, ජොෂ් ඉංග්ලිෂ් 20, ටිම් ඬේවිඞ් නොදැවී 31, මිචෙල් සෑන්ට්නර් 42/2) 

-036 


අදහස් (0)

මාෂ් - ඩේවිඩ් ඕස්ට්‍රේලියාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.