එංගලන්තයේදී ලබන 01 වැනිදා ආරම්භ වන ‘අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා සංචිතයට අද (24) පස්වරුවේදී එකතු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඉන්දියාවේදී පසුගිය 21 වැනිදා පැවැති අයි.පී.එල්. අවසන් මහ තරගයට සහභාගි වූ මාලිංග නැවත ශ්‍රී ලංකාවට පැමිණ පෙරේදා (22) රාත්‍රී එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියා පැවසුවේ මාලිංග මේ වන විට ඉතාම හොඳ ශාරීරික යෝග්‍යතාවයෙන් පසුව වන බවත් ඔහු තරගවලට සහභාගි වීම පුහුණුවීම්වලින් පසුව තීරණය කළ යුතු බවයි.
මාලිංග වසර 10 ක් අඛණ්ඩව අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිලට ක්‍රීඩා කළ අතර මුම්බායි පිල මෙවර තෙවැනි වරටත් ශූරයන් බවට පත්විය.
මාලිංග අවසන් මහ තරගයේදී ඕවර 4 ලකුණු 21 ක් පමණක් ලබා දෙමින් ජයග්‍රහණයේ කොටස්කරුවකු බවට පත්විය. මාලිංග මෙවර අයි.පී.එල්. තරගාවලියේ තරග 12 කදී කඩුලු 11 ක් දවා ගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.