Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාතර සිටි කුසලාන ලඟටම

මාතර සිටි කුසලාන ලඟටම

editorial - 2022 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සෙනසුරාදා (3) මහනුවර බෝගම්බර පිටියේදී පැවැත්වෙන තරගයේ දී ගම්පොළ ක්‍රිස්ටල් පැලැස් පිල පරාජය කිරීමට මාතර සිටි පිල සමත් වන්නේ නම් එය ඔවුන්ට තවත් තරගයක් ඉතිරිව තිබියදී ශූරයන්ගේ පාපන්දු කුසලාන දිනාගැනීමට ප්‍රමාණවත්ය.  

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 31 රැස් කරමින් පෙරමුණ ගෙන සිටින මාතර සිටි කණ්ඩායම මෙම තරගය සම කළහොත් සිදු වන්නේ ඔවුන්ට අවසානයට යෙදී තිබෙන තරගයේ තීරණය ලැබෙනතුරු කුසලාන අත්කර ගැනීම ප්‍රමාද කිරීමටය.  කෙසේ වුවත් ක්‍රිස්ටල් පැලැස් කණ්ඩායම මාතර සිටි කණ්ඩායම මෙම තරගයේදී පරාජයට පත් කිරිමට සමත් වන්නේ නම් ඔවුන් මෙවර තරගාවලියේ වඩාත්ම පෙරළිකාර කණ්ඩායමක් බවට පත් වන්නේ ඒ දක්වා
තරගාවලියේ කිසිදු තරගයක් මාතර සිටි කණ්ඩායම පරාජයට පත් නොවීම තුළයි.

ඒ අතර ඔවුන් මෙම සති අන්තයේදී කුසලාන දිනාගත්තේ නම් එය තවත් වාර්තාවක් බවට පත් වන්නේ ඒ දක්වා ඔවුන් මුහුණ දී සිටි තරග 11දීම අපරාජිතව පසු වෙමින් එය සතුකර ගැනීම තුළිනි. මේ දක්වා තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්වී සිටීමේ ගෞරවය ද මාතර ක්‍රීඩකයන් සතුය.

මාතර සිටි කණ්ඩායමට දැවැන්ත තර්ජනයක් ගෙන දෙමින් රුපියල් මිලියනයක් සමග හිමිවෙන කුසලාන සතු කර ගැනීම සඳහා ඊළඟට වැඩිම අයිතිවාසිකම් කියන්නේ ජාවාලේන් ක්‍රීඩා සමාජයයි.  ජාවාලේන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දැන් පසු වන්නේ ලකුණු 26කට දෙවැනි ස්ථානයේය.

මාතර සිටි පිල බෝගම්බර පිටියේදී සෙනසුරාදා පැවැත්වෙන තරගය පරාජය වන්නේ යයි උපකල්පනය කර ජාවාලේන් පිල ඉතිරිව තිබෙන සෙසු තරග දෙකම ජය ගනු ඇතැයි අපේක්ෂා  කරන්නේ නම් ඒ මෙවර ශූරයන්නේ කුසලාන ජාවාලේන් කණ්ඩායමට සතුවීමට හොඳටම ප්‍රමාණවත්ය.

ඒ අනුව පැහැදිලි වන්නේ මාතර සිටි කණ්ඩායමට මෙවර ශූරයන්ගේ තරගාවලියේ කුසලාන දිනාගැනීමේ දී තවදුරටත් බාධකයක් පවතින බවකි. මේ අතර මෙම ප්‍රතිවාදින් දෙදෙනා මුණගැසෙන තරගය ද බොහෝ විට කුසලාන කාටද යන්න තීරණය කෙරෙන තවත් තීරණාත්මක තරගයක් බවට පත්වීමේ ඉඩක්ද තවත් තීරණාත්මක තරගයක් බවට පත්වීමේ ඉඩක්ද මේ වනවිට පවතින බව ප්‍රසාද ලකුණු සටහනේ මේතාක් ගමන් මග විමසීමේදී පැහැදිලි වේ.

මෙවර ශූරයන්ගේ තරගාවලියේ ජයග්‍රහණයට ඉව අල්ලන මාතර සිටි කණ්ඩායම අවසන් වරට පැවැති (2018) තරගාවලියේදී තරග හයක් පමණක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ නව වැනි තැන ලැබූ කණ්ඩායමයි. ජාවාලේන් කණ්ඩායම එහි අත් කර ගන්නේ 12 වැනි ස්ථානයයි.

වසර 100ක් ඉක්මවූ මෙරට පැරණිම පාපන්දු ක්‍රීඩා සමාජය වන කොළඹ ගුණසිංහපුර සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ කඩා වැටීමද මෙවර තරගාවලියේ දී ප්‍රදර්ශනය වී තිබේ. ඔවුන් දැන්  7 වැනි ස්ථානය දක්වා පහළට ගොස් සිටින්නේ තරග තුනක පමණක් පැහැදිලි ජයග්‍රහණ වාර්තා කරමිනි.

පොලිස් ක්‍රීඩා සමාජයේ පමණක් නොව වසර 2002 දී ශූරයන්ගේ  කුසලාන දිනා ගැනීමට තරම් ප්‍රබල වූ අනුරාධපුර සොලිඩ් ක්‍රීඩා සමාජය ද මෙවර ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථාන දෙක (13-14) දක්වා දරුණු කඩා වැටීමකට ලක්ව තිබේ.

එහි වඩාත් ඛේදනීය තත්ත්වය නම් සොලිඩ් කණ්ඩායම මෙය සටහන් කරන මොහොත වන විටත් කිසිදු තරගයක් ජය ගැනීමට සමත් නොවීම තුළිනි. සොලිඩ් 2018 තරගාවලියේ තරග 16කින් පහක් ජය ගෙන 11 වැනි ස්ථානය ලබා සිටි.

 

සති අන්තයේදී පැවැත්වීමට නියමිත (අදියර -12) තරග (සියලු තරග ආරම්භය පස්වරු 3.30ට)  

සැප්තැම්බර් 2
♦ මොරගස්මුල්ල ක්‍රි.ස. - කුරුණෑගල පෙලිකන්ස් අතර ගාල්ල ක්‍රීඩා සංකීර්ණයේදී

සැප්තැම්බර් 3
♦ කොළඹ නිව් ස්ටාර් - සෝන්ඩර්ස් අතර ගාල්ල ක්‍රීඩා සංකීර්ණයේදී
♦ යාපනය ශාන්ත මේරිස් - මීගමුව යූත් අතර යාපනය දුරෙයි අප්පා පිටියේදී
♦ ජාවාලේන් - මාවනැල්ල සෙරන්ඩිබ් අතර කුරුණෑගල මාලිගා පිටියේදී
♦ ගම්පොළ ක්‍රිස්ටල් පැලැස් - මාතර සිටි අතර මහනුවර බෝගම්බර පිටියේදී
♦ බේරුවල සුපර්සන් - අනුරාධපුරය සොලිඩ් අතර කුරුණෑගල මාලිගාපිටියේ දී
♦ පොලිස් - ගමනාගමන අතර කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී

 


අදහස් (0)

මාතර සිටි කුසලාන ලඟටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.