Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාතර පෙරමුණට
අන්තර් සමාජ ශූරයන්ගේ තරගාවලිය

මාතර පෙරමුණට

editorial - 2022 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රට තුළ දැන් උද්ගතව පවතින තත්ත්වය හමුවේ අන්තර් සමාජ ශූරයන්ගේ තරගාවලියේ මෙම සති අන්තයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග පෙළ කල් දමා තිබේ.

මෙම  තරග පෙළ යටතේ හය වැනි අදියරේ තරග හතක් මෙම 23-24 දෙදින පැවැත්වීමට උත්සාහ ගන්නා බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ මාතර සිටි කණ්ඩායම එතෙක් මුහුණ දුන් තරග පහම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ ලකුණු 15ක් ලබමිනි.

දෙවැනි ස්ථානයේ  එහි  පසුවන කොළඹ ජාවාලේන් කණ්ඩායම ප්‍රසාද ලකුණු  13ක් ලබා මාතර සිටි කණ්ඩායම හා තියුණු සටනකට එක්ව සිටියි. ඒ තරග පහකදී හතරක් ජය ලබා ඉතිරි තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරමිනි.

මාවනැල්ල ‘සෙරන්ඩිබ්’ ක්‍රීඩකයන් තරග පහකින් හතරක්  ජය ලබා සෙසු තරගය පරාජයට පත්ව සිටින්නේ  ප්‍රසාද ලකුණු සටහනේ තෙවනි ස්ථානයට ලකුණු 12කට පත් වෙමිනි.

මේ අතර බේරුවල සුපර්සන් කණ්ඩායම  හා යාපනය ශාන්ත මේරි කණ්ඩායම  අතර පැවැති තරගයට ඉදිරිපත්ව තිබෙන  විරෝධතාව මෙතෙක් විභාග කර අවසන්ව නැත. ශාන්ත මේරි කණ්ඩායම  මෙම තරගය ජය ගැනීමට  එරෙහිව එය අවලංගු කරන ලෙස ඉල්ලා සුපර්සන් කණ්ඩායම  විරෝධතාව ඉදිරිපත් කර තිබේ.

 මේ වනවිට තරගාවලියේ නිකුත් කර තිබෙන ප්‍රසාද ලකුණු සටහන වෙනස්වීමට ඉඩ ඇතැයි යන පදනම මත එය සකස් කර තිබේ.

සුපර්සන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයද යාපනය ශාන්ත මේරී  කණ්ඩායම එහි 11 වැනි ස්ථානයේද පසුවේ. ‘පොලිස්’ ක්‍රීඩා සමාජය ඒ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් (14) වැනි ස්ථානයේ පසුවන්නේ එතෙක් සහභාගි වූ තරග පහෙන්ම පරාජය වීමෙනි. යාපනය ශාන්ත මේරි ක්‍රීඩකයෝ කුරුණෑගල පෙලිකන්ස් පිලට එරෙහිව සිය දෙවැනි  තරග ජය වාර්තා කිරීමට පස්වන අදියර තරගයේදී සමත් වූහ.

 

පස්වැනි අදියරේ තරග ප්‍රතිඵල

• සෝන්ඩර්ස් පිල හා ගමනාගමන පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0-0)
• මාවනැල්ල සෙරන්ඩිබ් පිල විසින් මීගමුව යූත් පිල පරාජය කරන ලදී. (5-2)
• නිව්ස්ටාර් පිල විසින් මොරගස්මුල්ල ක්‍රී. ස. පිල පරාජය කරන ලදී. (4-1)
• යාපනය  ශාන්ත මේරි පිල විසින් කුරුණෑගල පෙලිකන්ස් පිල පරාජය කරන ලදී. (2-1)
• ජාවාලේන් පිල විසින් බේරුවල සුපර්සන් පිල පරාජය කරන ලදී (4-0)
• ගම්පොල ක්‍රිස්ටල් පැලස් පිල විසින් පොලිස් පිල පරාජය  කරන ලදී. (4-0)
• මාතර සිටි පිල විසින් අනුරාධපුරය සොලිඩ්  පිල පරාජය කරන ලදී. (6-0)


අදහස් (0)

මාතර පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.