Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහමදුල් හසන් ජෝයි (නොදැවී 70) සහ නජ්මුල් හොසේන් ශන්තෝ (64) දෙදෙනාගේ ධෛර්යවත් පිතිහරඹය නිසා නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන වට බංග්ලාදේශ පිතිකරුවෝ කඩුලූ 2 ක් දැවී ලකුණු 175 ක් ලබා සිටියහ. නවසීලන්ත කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 328 ක් ලබාගත් නමුත් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවදානමක් නොමැතිව තම හිස් කෙළින් තබාගැනීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත්ව සිටිති.
නවසීලන්තයේ, මවුන්ට් මවුන්ගානුයිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (2 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම ලකණු 153 ක් පසුපසින් සිටි නමුත් ඔවුන් අත තවත් කඩුලූ 8 ක් තිබේ.
ලකුණු 70 ක් ලබා තවමත් කඩුල්ලේ රැඳී සිටින මහමදුල් හසන් ජෝයි, පාකිස්තානයට එරෙහිව පැවැති සිය මංගල ටෙස්ට් තරගයේදී මුහුණ දුන් ඉනිම දෙකේදීම ලකුණු 0 කට සහ 6 කට දැවී ගියේය. එහෙත් තමන්ගේ තුන්වැනි ටෙස්ට් ඉනිමේදී වඩාත් සාර්ථක දස්කම් දක්වන්නට ඔහු සමත් වී තිබේ. පැය 4 කට ආසන්න කාලයක් තිස්සේ පන්දු 211 කට මුහුණ දුන් ජෝයි, ඒවායින් 7 ක් හතරේ සීමාවට යැවූයේ නජ්මුල් හොසේන් සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක සම්බන්ධතාවක් ද ගොඩනඟමිනි.
ඊයේ සවස කඩුලූ 5 කට ලකුණු 258 ක් ලබා සිටි සත්කාරක නවසීලන්ත කී‍්‍රඩකයෝ අද උදෑසන ලකුණු 70 ක් ලබාගන්නා අතරේ ඉතිරි කඩුලූ 5 ම අහිමි කරගත්හ.
පළමු දිනයේ නොදැවී සිටි පිතිකරු හෙන්රි නිකොල්ස් පමණක් බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ කිසියම් ස්ථාවර බවක් පෙන්වීය.
නවසීලන්තය - පළමු ඉනිම 328 යි
(විල් යංග් 52, ඩෙවොන් කොන්වේ 122, රොස් ටේලර් 31, හෙන්රි නිකොල්ස් 75, ටොම් බ්ලන්ඩල් 11, ෂොරිෆුල් ඉස්ලාම් 69/3, මෙහෙදි හසන් 86/3, මොමිනුල් හක් 06/2)
බංග්ලාදේශය - කඩුලූ 2 ක් දැවී 175 යි
(ශද්මන් ඉස්ලාම් 22, මහමදුල් හසන් ජෝයි නොදැවී 70, නජ්මුල් හොසේන් ශන්තෝ 64, නීල් වැග්නර් 27/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.