Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීග් තරගාවලියේ තෙවැනි සතිය නිමාවට පත්වන විට තවදුරටත් ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. මෙතෙක් සහභාගි වූ තරග 3 ම ජයගත් මහනුවර කණ්ඩායම, ප්‍රසාද ලකුණු 2 ක්ද සමග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 17 කි.
පළමු සතියේදී යුද හමුදාවට එරෙහිව ලකුණු 46-08 ක පහසු ජයක් ලැබූ මහනුවර ක්‍රීඩකයෝ, දෙවැනි සතියේදී ලකුණු 13-11 ක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පරාජය කළේ තියුණු සටනකින් අනතුරුවය. තෙවැනි සතියේදී ලකුණු 24-18 ගුවන් හමුදාව පරාජය කළ මහනුවර කණ්ඩායම, එළඹෙන ඉරිදා (8 වැනිදා) නාවික හමුදාවට එරෙහිව නිත්තවෙලදී තරග වැදීමට නියමිතය.
තෙවැනි සතිය අවසානයේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සහ හැව්ලොක්ස් කණ්ඩායම තරග 2 බැගින් ජයගෙන එක් තරගය බැගින් පරාජයට පත්ව සිටියි. එම කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු 2 බැගින්ද හිමිකරගෙන සිටින නමුත් මෙතෙක් පැවැති තරගවලදී ලැබූ ලකුණු සහ දුන් ලකුණුවල පරතරය අනුව සී.ආර්. පිල ලකුණු සටහනේ දෙවැනි ස්ථානයටත්, හැව්ලොක්ස් පිල තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.
සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සහ ගුවන් හමුදාව තරගයක් ජයගෙන, තරගයක් පරාජයට පත්වී සෙසු තරගය සමව අවසන් කරගෙන ඇත. එක් ප්‍රසාද ලකුණ බැගින්ද ලබා සිටින ඔවුහු ලැබූ ලකුණු සහ දුන් ලකුණුවල පරතරය අනුව පිළිවෙලින් ලකුණු සටහනේ සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පසුවෙති.
තරගාවලියේ සිවුවැනි සතිය ආරම්භ කරමින් අද (6 වැනිදා) ගුවන් හමුදාවට එරෙහිව පොලිසිය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය. හෙට (7 වැනිදා) තවත් තරග 2 ක් පැවැත්වෙන අතර හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව යුද හමුදාව පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදීත්, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිව සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීරණයේදීත් තරග වදිනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.