Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර සහ යාපනය කණ්ඩායම් අතර මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) ආරම්භ වූ නැෂනල් සුපර් ලීග් (පළමු පෙළ) තරගාවලියේ සිව්වැනි තරගය පළමු දිනට නතර කරන විට මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 5 ක් දැවී ලකුණු 243 ක් ලබා සිටියේය.
අයහපත් ආලෝක තත්වය හේතුවෙන් නියමිත වේලාවට කලින් තරගය නතර කිරිමට විනිසුරුවෝ තීරනය කළහ.
සහන් ආරච්චිගේ ලකුණු 41 ක් සහ කසුන් විදුර ලකුණු 22 ක් ලබා ගනිමින් දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. මේ වනවිය ඔවුන් දෙදෙනා එක්ව හයවැනි කඩුල්ල සඳහා ලකුණු 50 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත්වූහ.
ඕෂද ප්‍රනාන්දු (50) සහ ළහිරු උදාර (50) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූ අතර සෙසු පිතිකරුවන්ට සාර්ථක සම්බන්ධතා ඇති කර ගැනීමට යාපනය පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.
කාසියේ වාසිය දිනාගත් යාපනය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා මහනුවර කණ්ඩායමට ආරාධනා කළේය.
හෙට (4 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.
මහනුවර පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 243
(කමිල් මිෂාර 35, ඕෂද ප්‍රනාන්දු 50, කමිඳු මෙන්ඩිස් 24, ළහිරු උදාර 50, සහන් ආරච්චිගේ නොදැවී 41, කසුන් විදුර නොදැවී 22, සංතුෂ් ගුණතිලක 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.