Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 20 වැනි තරගය ලෙස කලම්බු ස්ටාර්ස් කණ්ඩයම සහ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 58 ක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩයම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග කොළඹ කණ්ඩායම තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගත් අතර මහනුවර කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය කැන්ඩිවොරියර්ස් කණ්ඩායමට ජෙෆ්රි වැන්ඩසේ ප්‍රමුඛ කලම්බු වොරියර්ස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 17 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි. එහිදී මෙවර තරගාවලියේ පන්දු යවන්නකු දැක්වූ ඉහළම දක්ෂතාව දැක්වූ වැන්ඩසේ නිලකුණු ඕවරයක් සමග ඕවර 4 ක් යවා ලකුණු 25 කට කඩුලු 6 ක් බිඳහෙළමින් තරගයේ වීරයා බවට පත්විය.
කැන්ඩිවොරියර්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රවීබොපාරා පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 47 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු කෙනාර් ලුවිස් පන්දු 11 කදී ලකුණු 21 ක් රැස්කළේ හයේ පහර 3 ක් සමගිනි. අසේල ගුණරත්න පන්දු 17 කදී හතරේ පහරක් සමග ලකුණු 17 ක්ද, චරිත් අසලංක පන්දු 13 කදී හතරේ පහරක් සමග ලකුණු 14 ක්ද රැස්කළ නමුත් ඔවුන් කිසිවකුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
කාසියේ වාසිය දිනූ කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බු ස්ටාර්ස් කණ්ඩයම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් ලබාගත්තේය. දක්ෂ පිතිහරඹයක නිරත වූ දිනේෂ් චන්දිමාල් පන්දු 29 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 44 ක් රැස්කරමින් යළිත් වරක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණට පැමිණියේය. මේ දක්වා සහභාගි වූ තරග 8 දී ලකුණු 275 ක් රැස්කිරීමට ඔහු සමත්ව ඇත්තේ 55 ක සාමාන්‍යයක් සහ 151.93 ක ලකුණු රැස්කිරීමේ වේගයක් රඳවාගනිමිනි.
ලකුණු 114 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී චන්දිමාල් සමග එක්වූ නායක ඇන්ජලෝ මැතිව්ස් (29) හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කලම්බු ස්ටාර්ස් ඉනිම ගොඩනැගුවේය. පන්දු 16 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 29 ක් ලබා සිටි මැතිව්ස් අවසන් ඕවරයේ දෙවැනි පන්දුවේදී දැවී ගියේය. කලම්බු ස්ටාර්ස් ඉනිමේ අවසන් පන්දු 3 දී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 14 ක් රැස්කළ චන්දිමාල් සිය කණ්ඩාමේ ලකුණු සංඛ්‍යාව 180 න් එපිටට ගෙන ගියේය.
මුලු ලකුණු සංඛ්‍යාව 1 ක් වන විට ආරම්භක පිතිකරු අෂාන් ප්‍රියන්ජන් ලකුණු නොලබා දැවී ගියද, ධනංජය ද සිල්වා (40) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සෙසු ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ කුසල් පෙරේරා සමත් විය. පන්දු 38 කට මුහුණදුන් කුසල් හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 28 කදී වාර්තා වූ ධනංජයගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.
කලම්බු ස්ටාර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 182
(කුසල් පෙරේරා 58, ධනංජය ද සිල්වා 40, දිනේෂ් චන්දිමාල් නොදැවී 44, ඇන්ජලෝ මැතිව්ස් 29, නිමේෂ් විමුක්ති 24/3)
කැන්ඩි වොරියර්ස් පිල - ඕවර 17 කදී සියලු දෙනා දැවී 124
(කෙනාර් ලුවිස් 21, රවී බොපාරා 47, අසේල ගුණරත්න 17, ජෙෆ්රි වැන්ඩසේ 25/6, සීක්කුගේ ප්‍රසන්න 27/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.