Last Update  :  2025-05-02 21:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර 13-11 කින් සී.ආර්. පරදවයි
අන්තර් සමාජ රග්බි ලීගය

මහනුවර 13-11 කින් සී.ආර්. පරදවයි

editorial - 2022 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීග් තරගාවලිය යටතේ සෙනසුරාදා (17 වැනිදා) ලොන්ඩන් පෙදෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 13-11 ක තියුණු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. 

තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 03-00 ක් ලෙස පෙරමුණ ගත් මහනුවර ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය කණ්ඩායමට තවත් ලකුණු 10 ක් එක්කර ගැනීමට සමත් වූහ. දෙවැනි අර්ධයේදී ලකුණු 11 ක් රැස්කිරීමට සී.ආර්. කණ්ඩායම සමත් වුවත්, පළමු අර්ධය අවසානයේ පැවැති පරතරය හේතුවෙන් තරගයේ ජය මහනුවර කණ්ඩායම සතු විය. 

මෙම තරගයේදී මහනුවර කණ්ඩායම ගෝල දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබාගත් අතර සී.ආර්. කණ්ඩායම උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු රැස්කළහ. එහිදී මහනුවර කණ්ඩායම ලබාගත් ලකුණු සියල්ලටම හිමිකම් කීමට තරින්ද රත්වත්තේ සමත් වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් වගීෂ වීරසිංහ උත්සාහක දිනුමක් ලබාගත් අතර දඬුවම් පහර 2 ක් සාර්ථක කරගනු ලැබුවේ මොහාන් චතුර විසිනි. සී.ආර්. කණ්ඩායමේ වගීෂ වීරසිංහ, අචිත රදීෂාන් සහ ලසිඳු කරුණාතිලක යන ක්‍රීඩකයෝ මෙම තරගයේදී විනිසුරුවන්ගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලැබූහ.

ඡායාරූප - ගයාන් අමරසේකර


අදහස් (0)

මහනුවර 13-11 කින් සී.ආර්. පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.