Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හයවැනි සතිය ආරම්භ විට ලකුණු සටහනේ පෙරමුණ පසුවන මහනුවර ක්‍රීඩා සමාජයට අභියෝගයක් එල්ල කිරීමට එහි දෙවැනි ස්ථානයේ රැදී සිටින හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත්ව සිටියි.
මේ දක්වා සහභාගි වූ තරග 5 ම ජයගෙන සිටින මහනුවර ක්‍රීඩා සමාජය, ප්‍රසාද ලකුණු 2 ක්ද සමග මුලු ලකුණු 27 ක් ලබා තවදුරටත් ලකුණු සටහනේ පෙරමුණ රැකගෙන සිටියි. කෙසේ වුවත් සහභාගි වූ තරග 5 න් 4 ක් ජයගෙන සිටින හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය, ප්‍රසාද ලකුණු 4 ක් ලබා ඇති බැවින් මේ වන විට ඔවුන්ගේ මුලු ලකුණු සංඛ්‍යාව 24 ක් බවට පත්ව තිබේ.
ඒ අනුව බලන කළ ලකුණු සටහනේ පෙරමුණේ සහ දෙවැනි ස්ථානයේ පසුවන කණ්ඩායම් දෙක අතර ඇත්තේ ලකුණු 3 ක පරතරයක් පමණි. එබැවින් පෙරමුණේ පසුවන මහනුවර ක්‍රීඩා සමාජය එක් තරගයක් හෝ පරාජයට පත් වුවහොත් ඔවුන්ට ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවනු ඇත.
හයවැනි සතිය යටතේ හෙට (21 වැනිදා) මහනුවර ක්‍රීඩා සමාජය කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිවද, හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය හැව්ලොක් පිටියේදී පොලිසියට එරෙහිවද තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. මෙම තරග දෙකේ ප්‍රතිඵලයන්ට අනුව ලකුණු සටහනේ පෙරමුණ වෙනස් වීමේ ඉඩ කඩද පවතී.
සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයද සහභාගි වූ තරග 5 න් 4 ක් ජයගෙන ඇති නමුත් එහිදී ලද ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 3 ක් වීම හේතුවෙන් මුලු ලකුණු 23 ක් ලබා ඔවුහු ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටිති. මෙතෙක් පැවැති තරගවලදී නාවික හමුදාව තරග 2 ක් ජයගැනීමට සමත්ව ඇති අතර යුද හමුදාව, ගුවන් හමුදාව, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිසිය එක් තරගය බැගින් ජයගෙන ඇත.
හයවැනි සතියේ තවත් තරග 2 ක් අනිද්දා (22 වැනිදා) සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදීද, යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතය. සියලු තරග පස්වරු 4.00 ආරම්භ කිරීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.