Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර - දඹුල්ල තරගය ජය පරාජයෙන් තොරයි
නැෂනල් සුපර් ලීග්

මහනුවර - දඹුල්ල තරගය ජය පරාජයෙන් තොරයි

editorial - 2022 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

මහනුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර අතර මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) අවසන් වූ නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 8 වැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 509 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමට තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වූ අද තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 213 ක් පමණි.

ආරම්භක පිතිකරු නිමේෂ ගුණසිංහ පන්දු 153 කදී හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. අනෙක් ආරම්භක පිතිකරුවා වූ ලියෝ ෆ්‍රැන්සිස්කෝ සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නිමේෂ ගුණසිංහ සමත්විය.

තෙවැනි දිනය වූ ඊයේ (19 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 කට ලකුණු 134 ක් ලබා සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි මහනුවර පිල අද දිනයේදී ලකුණු 278 කට කඩුලු 9 ක් දැවී තිබියදී ඉනිම අත්හිටුවා දඹුල්ල කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

දෙවැනි වරටත් මෙම තරගයේදී ශතකය ආසන්නයට පැමිණි කමිඳු මෙන්ඩිස් ලකුණු 88 කට දවා ගැනීමට පන්දු යවන්නෝ සමත්වූහ. කමිඳු මෙන්ඩිස් පළමු ඉනිමේදී ලකුණු 94 කට දැවී ගියේය. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 63 ක් සහ ළහිරු උදාර ලකුණු 42 ක් ලබාගැනීමට සමත්වූහ.

පළමු ඉනිමේදී කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ මාලින්ද පුෂ්පකුමාර දෙවැනි ඉනිමේදීද ලකුණු 108 කට කඩුලු 5 ක් දවාගත්තේය.


මහනුවර පළමු ඉනිම - සියලුදෙනා දැවී 446
(කමිල් මිෂාර 74, ලසිත් කෘස්පුල්ලේ 43, ඕෂධ ප්‍රනාන්දු 97, කමිඳු මෙන්ඩිස් 94, ළහිරු උදාර 83, මාලින්ද පුෂ්පකුමාර 120/7)

දඹුල්ල පළමු ඉනිම - සියලුදෙනා දැවී 216
(අෂාන් ප්‍රියංජන් 73, මිනෝද් භානුක 71, ළහිරු සමරකෝන් 42, අශීන් ඩැනියල් 75/5, අසිත ප්‍රනාන්දු 39/4)

මහනුවර දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 278
(ඕෂධ ප්‍රනාන්දු 63, කමිඳු මෙන්ඩිස් 88, ළහිරු උදාර 42, සහන් ආරච්චිගේ 20, තික්‍ෂල ද සිල්වා 34, මාලින්ද පුෂ්පකුමාර 108/5)

දඹුල්ල දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 213
(නිමේෂ ගුණසිංහ නොදැවී 102, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 48, ලසිත් අබේරත්න 26, සහන් ආරච්චිගේ 61/2)

- 2079


අදහස් (0)

මහනුවර - දඹුල්ල තරගය ජය පරාජයෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.