Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මවුන්ටන් පාපැදි තරගාවලිය හෙට සිට

මවුන්ටන් පාපැදි තරගාවලිය හෙට සිට

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘යැක් ඇටෑක් - රම්බල් ඉන් ද ජංගල්’ යනුවෙන් හැඳින්වෙන ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගාවලිය හෙට (19 වැනිදා) ඌව කුඩාඔය, බලහරුවේදී ආරම්භ විය. මෙම තරගාවලිය අදියර 3 කින් සමන්විත වන අතර 22 වැනිදා මහනුවරින් අවසන් වීමට නියමිතය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකන් හොලිඬේස් සහ ලංකා ස්පෝට්ර්ස් රයිසන් සංචාරක නියෝජිත ආයතනය එක්ව මෙම තරගාවලිය සංවිධානය කරයි. එංගලන්තයේ පිල් එවන්ස් විසින් ආරම්භ කරන ලද ‘රම්බල් ඉන් ද ජංගල්’ මවුන්ටන් පාපැදි තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

පළමු අදියරේදී කුඩාඔය සිට හපුතලේ දක්වා කිලෝ මීටර 80 ක දුරක්ද, දෙවැනි අදියරේදී හපුතලේ සිට කළුපහන දක්වා කිලෝ මීටර 80 ක දුරක්ද, තෙවැනි අදියරේදී නුවරඑළියේ සිට මහනුවර දක්වා කිලෝ මීටර 64 ක දුරක්ද ගමන් කිරීමට තරගකරුවන්ට සිදුවනු ඇත. විශේෂත්වය වන්නේ සම්මත මාර්ග වල මෙන්ම මාර්ග වලින් පිටත මෙම තරගාවලිය පැවැත්වේ.

තරගාවලිය සඳහා  ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, ප‍්‍රංශය, හංගේරියාව, ඉන්දියාව, ඉතාලිය, ජපානය, නේපාලය, නෙදර්ලන්තය, පෝලන්තය, ස්පාඤ්ඤය, ස්වීඩනය, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ස්විට්සලන්තය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 40 ක් දෙනෙක් සහභාගී වෙති.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 6 දෙනකු මෙම තරගාවලියට එක්ව සිටින අතර ඔවුන්, ශ්‍රී ලංකා පාපැදි සංගමයේ අනුමැතිය මත මවුන්ටන් පාපැදි සංගමය විසින් තෝරා ගනු ලැබ ඇත.

තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් අතර බෙදා දෙන සම්පූර්ණ මුදල ඇමරිකානු ඩොලර් 20,000 ක් වන අතර පළමු ස්ථානය දිනාගන්නා කී‍්‍රඩකයාට ඇමරිකානු ඩොලර් 5,000 ක මුදල් ත්‍යාගයන් පිරිනැමේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 650,000 ඉක්මවන්නකි.

තරගාවලියේ අනුග‍්‍රහකයන් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ මොබිටෙල් සමාගම කටයුතු කරයි.

මොබිටෙල් සමාගමේ අළෙවි කලමනාකරු ඩෙන්හැම් පෙරේරා මහතා විසින් යැක් ඇටෑක් තරගාවලියේ නිර්මාතෘ සහ කලමනාකරණ අධ්‍යක්ෂ පිලිප් එවන්ස් මහතාට අනුග‍්‍රාහක චෙක්පත ප‍්‍රධානය කරන ලද අවස්ථාව... ශ්‍රී ලංකන් හොලිඬේස්හි කලමනකරු ගයාන් පීරිස්, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්හි මධ්‍ය සංවර්ධන කලමනාකරු දීපාල් පෙරේරා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින භාර ප‍්‍රාදේශීය කලමනාකරු සමින්ද පෙරේරා සහ ලංකා ස්පෝර්ට් රයිසන්හි සභාපති තිලක් වීරසිංහ යන මහත්වරුද මෙහි වෙති.

ඡායාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

මවුන්ටන් පාපැදි තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.