Last Update  :  2026-02-18 23:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මතීෂ වෙනුවට ඩිල්ෂාන් මධුශංක
විස්සයි-20 ලෝක කුසලාන

මතීෂ වෙනුවට ඩිල්ෂාන් මධුශංක

editorial - 2026 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පල්ලෙකැළේදී පැවැති තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ මතීෂ පතිරණට ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි කොටස සම්පූර්ණයෙන්ම අහිමි වී තිබේ. මතීෂ පතිරණ වෙනුවට වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුශංක ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කිරීමට ලෝක කුසලාන තරගාවලියේ තාක්‍ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.

සඳුදා පැවැති තරගයේ පන්දු යවමින් සිටියදී වම් පාදයේ බත් කෙණ්ඩ මස්පිඬුවක් ඇදීම හේතුවෙන් මතීෂ තදබල වේදනාවකින් සිටියේය. පසුව ඔහු ආපසු ක්‍රීඩාගාරයට ගියේය. එම තරගයේදී මතීෂ යැවූයේ පන්දු 4 ක් පමණි.
 
ලෝක කුෂලාන තරගාවලිය සඳහා නම්කරන ලද මූලික සංචිතයේ සිටින වේග පන්දු යවන්නන් අතර ඩිල්ෂාන් මධුශංක, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර මෙන්ම ඉදිරියේදී තුන් ඉරියව් ක්‍රීඩකයකු වනු ඇතැයි සැලකෙන මිලාන් රත්නායක ද සිටිති.  


අදහස් (0)

මතීෂ වෙනුවට ඩිල්ෂාන් මධුශංක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.