Last Update  :  2026-02-18 23:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මතීෂ පතිරණ තරගාවලියෙන් ඉවතට
විස්සයි-20 ලෝක කුසලාන

මතීෂ පතිරණ තරගාවලියෙන් ඉවතට

editorial - 2026 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේ‍ලියාව අතර පල්ලෙකැළේදී පැවැති තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ මතීෂ පතිරණට ලෝක කුලාන තරගාවලියේ ඉතිරි කොටස අහිමි වන බව වාර්තා වේ. සඳුදා පැවැති තරගයේ පන්දු යවමින් සිටියදී මතීෂගේ වම් පාදයේ බත් කෙණ්ඩ ආසන්නයේ ඇතිවූ තදබල වේදනාවකින් පසුව ඔහු ආපසු ක්‍රීඩාගාරයට ගියේය. 

එම තරගයේදී මතීෂ යැවූයේ පන්දු 4 ක් පමණි. 

මතීෂ වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවන්නේ කවුරුන්ද යන්න අද (18 වැනිදා) දහවල් වන තුරුත් තීරණය කර නොතිබිණ. කෙසේ වෙතත් සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන තරගය සඳහා ආදේශ ක්‍රීඩකයකු නම් නොකරනු ඇතැයි වාර්තා වේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිස සිටින බැවින්, එම වටයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන එංගලන්ත සහ නවසීලන්ත කණ්ඩායම් සලකා බලමින්, ශ්‍රී ලංකා පිලට එක්වන වේග පන්දු යවන්නා තෝරාගනු ඇත. 

ලෝක කුසලාන තරගාවලිය සඳහා නම්කරන ලද මූලික සංචිතයේ සිටින වේග පන්දු යවන්නන් අතර ඩිල්ෂාන් මධුශංක, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර මෙන්ම ඉදිරියේදී තුන් ඉරියව් ක්‍රීඩකයකු වනු ඇතැයි සැලකෙන මිලාන් රත්නායක ද සිටිති.  


අදහස් (0)

මතීෂ පතිරණ තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.