Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ (28 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. පාකිස්තාන නායකයාට අතට අත දීමෙන් වැලකී සිටීමින් ඉන්දීය නායකයා ආරම්භ කළ එම ආරවුල, ශූරතාව දිනාගත් පසු ඉන්දීය කණ්ඩායම ආසියානු ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වන පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමති මොෂීන් නක්වි මහතා අතින් කුසලාන ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම දක්වා දුර ඇදී ගියේය.
තරගය අවසන් වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නායකයන් දෙදෙනා දැක්වූ අදහස්ද එකිනෙකට පරස්පර ස්වභාවයක් ගත්තේය. මෙම තරගාවලියට සහභාගි වීමෙන් තමාට ලැබුණු මුදල ඉන්දීය යුධ හමුදාවට ලබා දෙන බව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පවසද්දී, පාකිස්තාන නායක සල්මල් අලී ආඝා කියා සිටියේ තරගාවලියේ අනු ශූරයන් බවට පත්වීමෙන් තම කණ්ඩායමට ලැබුණු ත්‍යාග මුදල ඉන්දීය හමුදා ප්‍රහාරවලින් බැට කෑ සාමාන්‍ය ජනතාව සහ ළමුන් වෙනුවෙන් පරිත්‍යාග කරන බවය.
“අපි මේ තරගාවලිය ජයග්‍රහණය කළේ අපරාජිවයි. මේ මාසය පුරාම අපි තරගාවලිය වෙනුවෙන් හුඟක් කැප වුණා. ඒත් ශූරතාව දිනලත් කුසලාන නැතිව ගෙදර යන්න වෙන එක ගැන නම් ටිකක් දුකයි. අපි කවුද කියන එක අපි ක්‍රියාවෙන්ම කරලා පෙන්නුවා. පිට පිට ක්‍රීඩා කරපු හොඳ තරග දෙකකට පසුව තමයි අපි ශූරයන් බවට පත්වුණේ. ඉතින් මම හිතනවා කණ්ඩායමක් විදියට අපි මේ කුසලාන ලබාගන්න සුදුසුයි කියලා.”
“ඔබ තරගාවලියකට සහභාගි වෙලා එය ජයගන්නවා. ඒත් එහි කුසලාන ලබාදෙන්න ඉන්නෙ ඔබ අකමැති පුද්ගලයෙක් නම් ඔබට එය ලබාගැනීමෙන් වැලකී ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒත් තරගාවලියෙ සංවිධායකයන් බලන්න ඕන එයට වෙනත් විකල්ප තියෙනවද කියලා. මොකද මම කලින් කිවුවා වගේ මේක අපි හුඟක් මහන්සි වෙලා ලබපු ජයග්‍රහණයක්. ඒ නිසා මේ කුසලාන අපිට හිමි විය යුතුයි.”
“සෑබෑම කුසලාන ගැන කියනවා නම් ඒවා තියෙන්නේ අපේ ක්‍රීඩාගාරයේ. වෙන කවුරුත් නෙමේ ඒ තමයි මගේ සහෝදර ක්‍රීඩකයෝ සහ පුහුණු කාර්ය මණ්ඩලය. එයාලා හැමෝම මේ ජයග්‍රහණයෙ සමාන කොටස්කරුවො. මට පුලුවන් එයාලත් එක්ක කුසලානයක් නැතුව වුණත් මේ සතුට සමරන්න. මම හිතනවා මේ ජයග්‍රහණය තුළින් අපි හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා කියලා. ඒ හින්දා මම මේ ජයග්‍රහණය ඉන්දීය යුද හමුදාව වෙනුවෙන් පිරිනමනවා.” යැයිද එහිදී ඉන්දීය නායකයා වැඩි දුරටත් කියා සිටියේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.