Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මිශ‍්‍ර යුගළ අවසන් පූර්ව වටය අද

මිශ‍්‍ර යුගළ අවසන් පූර්ව වටය අද

ශනුක අරවින්ද - 2016 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 101 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත මිශ‍්‍ර යුගළ අවසන් පූර්ව වටයට සංඛ අතුකෝරල සහ මේදිරා සමරසිංහ, දිනේෂ්කාන්තන් තංගරාජා සහ අනිකා සෙනෙවිරත්න, හීරා අෂික් සහ නෙත්මි වඩුගේ, යසිත ද සිල්වා සහ අම්රිතා මුත්තයියා යන කණ්ඩායම් සුසුදුකම් ලබා සිටිති.  

ඒ අනුව අද (18) පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරගවලදී සංඛ අතුකෝරල සහ මේදිරා සමරසිංහට එරෙහිව දිනේෂ්කාන්තන් තංගරාජා සහ අනිකා සෙනෙවිරත්නද, හීරා අෂික් සහ නෙත්මි වඩුගේට එරෙහිව යසිත ද සිල්වා සහ අම්රිතා මුත්තයියා තරග වැදීමට නියමිතය.

අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී මැතිව් වෙස්ට්මෝලන්ඞ් සහ අන්‍යා ගුණවර්ධන පරාජය කරමින් සංඛ අතුකෝරල සහ මේදිරා සමරසිංහද, අර්චන ලොකුගේ සහ ටාරා ගේ‍්‍රග් පරාජය කරමින් දිනේෂ්කාන්තන් තංගරාජා සහ අනිකා සෙනෙවිරත්නද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

රුස්තම් අලී සහ ඇලනා සෙෙවිරත්න පරාජය කරමින් හීරා අෂික් සහ නෙත්මි වඩුගේද, දෙල්වර් හුසේන් සහ ජනාලි මනම්පේරි පරාජය කරමින් යසිත ද සිල්වා සහ අම්රිතා මුත්තයියාද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස බි‍්‍රටේනියා සමාගම කටයුතු කරයි.

විවෘත මිශ‍්‍ර යුගළ අර්ධ අවසන් පූර්ව වටය

  • සංඛ අතුකෝරල සහ මේදිරා සමරසිංහ විසින් තරග වට 2-0 ක් ලෙස මැතිව් වෙස්ට්මෝලන්ඞ් සහ අන්‍යා ගුණවර්ධන පරාජය කරන ලදහ. (6/3, 6/2)
  • දිනේෂ්කාන්තන් තංගරාජා සහ අනිකා සෙනෙවිරත්න විසින් තරග වට 2-0 ක් ලෙස අර්චන ලොකුගේ සහ ටාරා ගේ‍්‍රග් පරාජය කරන ලදහ. (6/0, 6/2)
  • හීරා අෂික් සහ නෙත්මි වඩුගේ විසින් තරග වට 2-0 ක් ලෙස රුස්තම් අලී සහ ඇලනා සෙෙවිරත්න පරාජය කරන ලදහ. (6/4, 6/1)
  • යසිත ද සිල්වා සහ අම්රිතා මුත්තයියා විසින් තරග වට 2-1 ක් ලෙස දෙල්වර් හුසේන් සහ ජනාලි මනම්පේරි පරාජය කරන ලදහ. (4/6, 6/1, 10/7)

 


අදහස් (0)

මිශ‍්‍ර යුගළ අවසන් පූර්ව වටය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.