Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story භානුක යළි ගේන්න යැයි උද්ඝෝෂණ
ක්‍රිකට්

භානුක යළි ගේන්න යැයි උද්ඝෝෂණ

editorial - 2022 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

එළඹෙන ඉන්දීය විස්සයි20 තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයට භානුක රාජපක්ෂ තෝරා නොගැනීමට එරෙහිව විරෝධතාවක් අද (22 වැනිදා) දහවල් කාලයේදී ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්වුණි. භානුක රාජපක්ෂ නැවතත් සංචිතයට එක් කරගන්නා ලෙස බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණ.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ උද්ඝෝෂකයෝ මෙම ගැටලුව සඳහා මැදිහත් වන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන්ද ඉල්ලීමක් කළහ.

ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය සමත්වීම සඳහා කිලෝමීටර් 2 ක දුරක් විනාඩි 8 යි තත්ත්පර 10 කට පෙර අවසන් කළ යුතුවන නමුත් එම පරීක්‍ෂණය සමත්වීමට භානුක සමත්වී නැත. පසුගිය 14 වැනිදා එම දුර ප්‍රමාණය වෙනුවෙන් භානුකගේ කාලය සටහන් වූයේ විනාඩි 8 යි තත්ත්පර 35 ක් ලෙසිනි. කෙසේ වෙතත් මෙවර භානුකට හරහට සිට ඇත්තේ සමේ මේද මට්ටම නිසි පරිදි පවත්වා නොගැනීමයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට කර ඇති නිර්දේශය අනුව ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් සමත්වීම සඳහා සමේ මේද මට්ටම 70% කට වඩා අඩුවිය යුතුය. එහෙත් අවසන් වරට කළ පරීක්‍ෂණයේදී භානුකගේ සමේ මේද මට්ටම වාර්තා වී ඇත්තේ 102.2 ක් ලෙසිනි. මේ හේතුවෙන් ඔහුට ඉන්දීය සංචාරයෙන් ඉවත්වීමට සිදුවිය.

ඉන්දීය සංචාරය අරමුණු කරගනිමින් ජෛව ආරක්‍ෂිත බුබුලකට ඔහුව ඇතුළත් කර තිබුණද අවසන් මොහොතේ ඔහුව ඉන් ඉවත් කිරීමට තීරණය කෙරුණි. ඉන්දියාවට එරෙහි විස්සයි20 තරගාවලියේ පළමු තරගය අනිද්දා (24 වැනිදා) ලක්නව් හිදී පැවැත්වෙන අතර ඉතිරි තරග දෙක 26 සහ 27 දිනයන්හි ධරම්සාලාහිදී පැවැත්වේ.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (0)

භානුක යළි ගේන්න යැයි උද්ඝෝෂණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.