Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 56 තරගය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (9 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 52 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 12 කට සහභාගී වී ඇති කොල්කටා කණ්ඩායම එහිදී ලැබූ 5 වැනි ජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි කණ්ඩායමට ඕවර 17.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 113 ක් පමණි. සෙසු පිතිකරුවන් ආසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ආරම්භක පිතිකරු ඉෂාන් කිෂන් පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 51 ක් රැස්කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ පැට් කමින්ස් ලකුණු 22 කට කඩුලු 3 ක්ද, ඔන්ඩ්‍රි රසල් ලකුණු 22 කට 2 ක්ද බිඳහෙළමින් කොල්කටා කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළහ. ටිම් සවුති සහ වරුන් චක්‍රවර්ති කඩුල්ල බැගින් බෙදාගත්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 165 ක් ලබා ගත්තේය. අජින්ක්‍යා රහනේ පන්දු 24 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක් ලබා සිටියදී දැවී ගිය අතර කොල්කටා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි රිංකු සිං පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 23 ක් රැස්කළේය.
එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රීට් බුම්රා නිලකුණු ඕවරයක්ද සමග ඕවර 4 ක් යවමින් ලකුණු 10 කට කඩුලු 5 ක් දවාගත්තේය. කොල්කටා ඉනිමේ අවසන් ඕවරය එක් ලකුණකට සීමා කිරීමටද ඔහු සමත් විය. මෙවර තරගාවලියේදී පන්දු යවන්නකු ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාව ලෙසද එය වාර්තා අතරට එක් විය.
වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු වෙන්කටේෂ් අයියර් පන්දු 24 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 43 ක් රැස්කරමින් කොල්කටා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. ඊට නොදෙවෙනි පිතිහරඹයක නිරත වූ නිතිෂ් රානා පන්දු 26 කින් ලකුණු 43 ක් රැස්කළේද හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
කොල්කටා නයිට් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 165
(වෙන්කටේෂ් අයියර් 43, අජින්ක්‍යා රහනේ 25, නිතිෂ් රානා 43, රිංකු සිං නොදැවී 23, ජස්ප්‍රීට් බුම්රා 10/5, කුමාර් කාටිකේයා 32/2)
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 17.3 කදී සියලු දෙනා දැවී 113
(ඉෂාන් කිෂන් 51, කිරන් පොලාඩ් 15, පැට් කමින්ස් 22/3, ඔන්ඩ්‍රි රසල් 22/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.