Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජස්ප්‍රිට් බුම්රාගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ එංගලන්තයට එරෙහිව ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (12 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීය කණ්ඩායමට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 101 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 18.4 ක් අවසානයේ කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකර ගියහ. ආරම්භක පිතිකරුවන් වූ නායක රෝහිත් ශර්මා පන්දු 58 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 76 ක්ද, ශිකර් ධවාන් පන්දු 54 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 31 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට ඕවර 25.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 110 ක් පමණි. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ජෝස් බට්ලර් පන්දු 32 කින් ලකුණු 30 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි. ඩේවිඩ් විලී පන්දු 26 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 21 ක් රැස්කළේය.
එංගලන්ත ඉනිම සුනුවිසුණු කළ ජස්ප්‍රීට් බුම්රා ඕවර 7.2 ක් යවමින් ලකුණු 19 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් විය. එය එක්දින තරගයකදී ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසද සටහන් විය. එංගලන්ත කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා බුම්රාට අනගි සහායක් දුන් මොහොමඩ් සාමි ලකුණු 31 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය.
එංගලන්තය - ඕවර 25.2 කදී සියලු දෙනා දැවී 110
(ජොස් බට්ලර් 30, මුයින් අලී 14, ඩේවිඩ් විලී 21, බ්‍රයිඩන් කාස් 15, ජස්ප්‍රීට් බුම්රා 19/6, මොහොමඩ් සාමි 31/3)
ඉන්දියාව - ඕවර 18.4 කදී කිසිවකු නොදැවී 114
(රෝහිත් ශර්මා නොදැවී 76, ශිකර් ධවාන් නොදැවී 31)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.