Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගතකිරිම්හි දෙවැනි ස්ථානයේ පසුවන ඩෙන්මාර්ක ක්‍රීඩක ඇන්ඩර්ස් ඇන්ටොන්සෙන් සහ ශ්‍රී ලංකාවේ ලාබාලතම ඔලිම්පික් බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ අතර ප්‍රදර්ශන තරගයක් හෙට (13 වැනිදා) පස්වරු 2.00 ට වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ වන විට ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගතකිරිම්හි 66 වැනි ස්ථානයේ පසුවන විරේන්, ඉකුත් වසරේ (2024) පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර ඒ සමගම ඔහු ඔලිම්පික් උළෙලකට සෘජුවම සුදුසුකම් ලැබූ මෙරට ලාබාලතම ක්‍රීඩකයා බවටද පත් විය.
බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ආදි සිසුවකු වන විරේන්, 2019 වසරේදී ලෝක කනිෂ්ට බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වෙමින් ජාත්‍යන්තර තරග බිමට අවතීර්ණ විය. 2021 වසරේදී 18 හැවිරිදි ක්‍රීඩකයකු ලෙස ඔහු බංග්ලාදේශයේදී පැවැති යොනෙක්ස් සන්රයිසස් බංග්ලාදේශ කනිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.
තෙවරක් ලෝක බැඩ්මින්ටන් ශූරතාව දිනාගත් ඩෙන්මාර්ක ක්‍රීඩක ඇන්ඩර්ස්, දෙවරක් යුරෝපා බැඩ්මින්ටන් ශූරතාව දිනා ගැනීමටද සමත් විය. 2015 වසරේදී යුරෝපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ රන් පදක්කම දිනූ ඔහු, එම වසරේදීම යුරෝපයේ දක්ෂතම තරුණ ක්‍රීඩකයා ලෙසද සම්මාන දිනා ගත්තේය.
අනතුරුව 2016 වසරේදී සහ 2018 වසරේදී ඩෙන්මාර්ක ජාතික බැඩ්මින්ටන් කණ්ඩායම සමග එක්ව යුරෝපා බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතා දිනාගත් ඇන්ඩර්ස්, 2017, 2019, 2021 සහ 2023 යන වසරවලදී යුරෝපා මිශ්‍ර කණ්ඩායම් ශූරතා දිනා ගැනීමටද සමත්කම් දැක්වීය.
මෙම ප්‍රදර්ශන තරගය පැවැත්වීමේ අවස්ථාව උදාවූයේ මෙරට බැඩ්මින්ටන් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන සුමිත් ගුරුගේ සහ රොහාන් ද සිල්වා මහත්වරුන්ගේ දායකත්වය තුළිනි. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සහ සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය ඒකාබද්ධව මෙම තරගය මෙහෙයවනු ලබයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.