Last Update  :  2025-06-30 14:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බැඩ්මින්ටන් ජාතික ශූරයන්ට ලක්‍ෂ 11 ක් තෑගි

බැඩ්මින්ටන් ජාතික ශූරයන්ට ලක්‍ෂ 11 ක් තෑගි

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ශී‍්‍ර ලංකා බැඩ්මින්ටන් කි‍්‍රඩාව නව මගකට යොමුකරමින් මේ වසරේ පැවැත්වීමට නියමිත 61 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් ලක්‍ෂ 11 කි.

කේවල පිරිමි (විවෘත) ශූරතාව සහ කේවල කාන්තා (විවෘත) ශූරතාව දිනාගන්නා කී‍්‍රඩකයාට සහ කී‍්‍රඩිකාවට රුපියල් 130,000 බැගින් පිරිනැමේ.

ජාතික බැඩ්මින්ටන් තරගාවලිය ඔක්තෝබර් මස 1 වැනිදා සිට 6 වැනිදා දක්වා නාවලපිටිය ජයතිලක කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වේ. මෙම තරගාවලිය කොළඹ නගරයෙන් පිටතදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බව කියැවේ.

පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගළ, කාන්තා යුගළ සහ මිශ‍්‍ර යුගළ යන ප‍්‍රධාන තරග ඉසව් 5 ට අමතරව වයස අවුරුදු 15 න් පහළ, 17 න් පහළ, 19 න් පහළ සහ 24 න් පහළ යන වයස් කාණ්ඩ යටතේත් තරග පැවැත්වේ. අවුරුදු 35 ට සහ 40 ට වැඩි ප‍්‍රවීනයන් සඳහාද, අවුරුදු 50 ට සහ 55 ට වැඩි ප‍්‍රවීනයන් සඳහාද තරග පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 380 කට වැඩි සංඛ්‍යාවක් තරග වදින අතර බැඩ්මින්ටන් ඉතිහාසයේ ජයග‍්‍රාහකයන් සඳහා පිරිනැමෙන වැඩිම ත්‍යාග මුදල මෙම තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පිරිනැමේ.

ජාතික ශූරතාව 11 වරක් ජයගෙන තිබෙන නිලූක කරුණාරත්න පිරිමි කේවල අංශයෙන්ද, ජාතික ශූරතාව 8 වරක් ජයගෙන සිටින චන්ද්‍රිකා ද සිල්වා කාන්තා කේවල අංශයෙන්ද ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් සිටිති.

වයස අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ තරග පමණක් මේ මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් බැඩ්මින්ටන් කී‍්‍රඩාගාරයේදී සහ ශී‍්‍ර ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථාන කී‍්‍රඩාගාරයේදී පැවැත්වීමට සංවිධායකයන් කටයුතු සූදානම් කර තිබේ. ඊට හේතුවී තිබෙන්නේ එම වයස් කාණ්ඩ වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිසක් ඔක්තෝම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන බැඩ්මින්ටන් තරගාවලියට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්වයාමට සූදානමින් සිටීමයි.

බොහෝ ජාතික ශූරයන් බිහිවී තිබෙන්නේ පිට පළාත් වලින් බැවින්ද, බැඩ්මින්ටන් කී‍්‍රඩාව ගමට ගෙනයෑමේ එක් පියවරක් ලෙසද, කී‍්‍රඩා අමාත්‍යවරයා බැඩ්මින්ටන් කී‍්‍රඩාව උදෙසා කරනු ලබන සේවයට ගරු කිරීමක් ලෙසද මෙවර ජාතික ශූරතාවලිය නාවලපිටියේදී පැවැත්වීමට සැළසුම් කළ බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙණිය මහතා පැවසීය.

ඡයාරූපය - ශානුක අරවින්ද


අදහස් (3)

බැඩ්මින්ටන් ජාතික ශූරයන්ට ලක්‍ෂ 11 ක් තෑගි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.