Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 46 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අතර මුම්බායිහිදී අද (10) පැවැති දිනයේ පළමු තරගයෙන් බැංගලෝර් පිල ලකුණු 39 ක පහසු ජයක් ලැබීය.
බැංගලෝර් පිල මෙම ජයග‍්‍රහණයත් සමඟ ප‍්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට පැමිණියේය. බැංගලෝර් පිල මේ වන විට තරග 11 කදී ජයග‍්‍රහණ 6 ක් සමගින් ප‍්‍රසාද ලකුණු 13 ක් ලබා සිටියි.
ලකුණු 236 ක ඉලක්කය හඹාගිය මුම්බායි පිල ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 196 ක් පමණි. බැංගලෝර් පිලේ ඒ. බී. ඩිවිලියස් පන්දු 59 කදී හතරේ පහර 19 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 133 ක් රැස් කළේය.
ඩිවිලියස් රැස්කළ මෙම ලකුණු 133 අයි.පී.එල්. ක‍්‍රිකට් ඉතිහාසයේ ක‍්‍රීඩකයකු ඉනිමකදී රැස්කළ තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. මෙවර තරගාවලියේ ක‍්‍රීඩකයකු රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වේ.
විරාට් කෝලි (නොදැවී 82) සහ ඒ. බී. ඩිවිලියස් (නොදැවී 133) පන්දුවට දෙවැනි කඩුල්ලට ලකුණු 215 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. ලසිත් මාලිංග ඕවර හතරේදී නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 27 කට කඩුල්ලක් දවා ගත්තේය.
ක‍්‍රිස් ගේල් පන්දු 12 කදී ලකුණු 13 ක් ලබා සිටියදී ලසිත් මාලිංගගේ පන්දුවකට ලින්ඞ් සිමන්ස් වෙත උඩපන්දුවක් ලබාදීමෙන් දැවී ගියේය. බැංගලෝර් පිලේ නායක විරාට් කෝලි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
මුම්බායි පිලේ ප‍්‍රධානතම වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග අඛණ්ඩව 11 වැනි තරගයට ක‍්‍රීඩා කරයි. මාලිංග මේ වන විට තරග 11 කදී කඩුලූ 16 ක් දවා ගැනීමට සමත්ව සිටියි.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 1 ට 235
(ක‍්‍රිස් ගේල් 13, විරාට් කෝලි නොදැවී 82, ඒ. බී. ඩිවිලියස් නොදැවී 133)
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 196
(පර්තිව් පටෙල් 19, ලින්ඞ් සිමන්ස් නොදැවී 68, රෝහිත් ශර්මා 15, කරන් පොලාඞ් 49, අම්බාටි රයිදු 14, හර්ෂල් පටෙල් 36/2, යොෂ්වෙන්ඩර් චහල් 51/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.