Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බැංගලෝර් පිලට කඩුලූ 6 ක ජයක්

බැංගලෝර් පිලට කඩුලූ 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 52 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් පිල සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අතර හයිද්‍රාබාද්හිදී අද (15) පැවැති තරගයෙන් බැංගලෝර් පිල කඩුලූ 6 ක ජයක් (ඩක්වත් ලූවිස් න්‍යායට) ලැබීය.

නැවතත් වර්ෂාව ඇද හැලීම නිසා බැංගලෝර් පිලට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව  ඕවර 6 කදී ලකුණු 81 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාර විය.

පළමුව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් පිල  ඕවර 11 අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 135 ක් රැස්කිරීමට සමත් විය.

ක‍්‍රිස් ගේල් පන්දු 10 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 35 ක් රැස් කරමින් ජයග‍්‍රහණයට මග සකස් කිරීමට සමත් විය.

ඬේවිඞ් වෝනර් (නොදැවී 52) සහ මොයිසිස් හෙන්ද්‍රික්ස් (57) දෙවැනි කඩුල්ලට ලකුණු 103 ක වේගවත් සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

ඬේවිඞ් වෝනර් පන්දු 32 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 52 ක් රැස් කළේය. මොයිසිස් හෙන්ද්‍රික්ස් පන්දු 22 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 57 ක් රැස්කිරීමට සමත් විය.

වර්ෂාවෙන් බාධා ඇති වීම ප‍්‍රමාද වී ආරම්භ කිරීම නිසා ඉනිමක්  ඕවර 11 කට සීමා විය. හයිද්‍රාබාද් පිලේ නායක ඬේවිඞ් වෝනර් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.


සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 11 කදී කඩුලූ 2 ට 135
(ඬේවිඞ් වෝනර් නොදැවී 52, මොයිසිස් හෙන්ද්‍රික්ස් 57, ඔයින් මෝගන් 11, ඬේවිඞ් විසී 20/2)

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 5.5 කදී කඩුලූ 4 ට 83
(ක‍්‍රිස් ගේල් 35, විරාට් කෝලි නොදැවී 44, මොයිසිස් හෙන්ද්‍රික්ස් 3/2)

 


- 048


අදහස් (0)

බැංගලෝර් පිලට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.