Last Update  :  2025-09-13 22:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බර්මින්හැම් ගිය 5 කට කොරෝනා
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

බර්මින්හැම් ගිය 5 කට කොරෝනා

editorial - 2022 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

 එංගලන්තයේ ‘බර්මින්හැම්’ නුවරදී හෙට (28) ආරම්භ වන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා සමස්ත කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු හා එක් පුහුණුකරුවෙක් කොවිඩ් ආසාදිතයන් බවට පී.සී.ආර්. පරීක්ෂණවලදී තහවුරු කරගෙන තිබේ.

මෙම ආසාදිතයන් පිරිසට රග්බි, ස්කොෂ්, බැඩ්මින්ටන් සහ ක්‍රීඩකයන් තිදෙනෙක්ද, එක් රග්බි ක්‍රීඩිකාවක් ද එක් ජිම්නාස්ටික් පුහුණුකරුවෙක් ද ඇතුළත් වෙති. ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය  කරන්නේ මෙම ආසාදිතයන් පිරිස තරග සංචාරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

මේ වනවිට රට තුළ නැවත කොවිඩ් රැල්ලක් හිස ඔසවමින් තිබෙන අතර, මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

 ලබන අගෝස්තු 8 වැනිදා දක්වා ‘බර්මින්හැම්’ නුවරදී පැවැත්වෙන ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 161 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගිවීමට නියමිතය.

එහි මුල් කොටස ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 102 දෙනකුගේ  කණ්ඩායමක් පසුගිය සඳුදා (25)  දිවයිනෙන් පිටත්ව ගියේය. එහිදී සිදු කළ ප්‍රතිදේහ පරීක්ෂාවන්ට අනුව මෙම ක්‍රීඩක  ක්‍රීඩිකාවන් සිව්දෙනා හා  පුහුණුකරු කොවිඩ් රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ.

මෙම සිදුවීමෙන්  ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා තරග සංචාරයට කිසිදු බාධාවක් නොමැති බවත් බර්මින්හැම් නුවරට ළඟාවන ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම් යොදාගත් පරිදි එහිදී පෙර පුහුණුවීම් සඳහා සහභාගිවෙමින් තරග වැදීමට සූදානමින් සිටින බවත් ජාතික ඔලිම්පික්  කමිටුව අවධාරණය කරයි.


අදහස් (0)

බර්මින්හැම් ගිය 5 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.