Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බට්ලර් - හේල්ස් එංගලන්තය ඉහළට ඔසවති
එංගලන්ත - නවසීලන්ත තරගය

බට්ලර් - හේල්ස් එංගලන්තය ඉහළට ඔසවති

editorial - 2022 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ නවසීලන්තය අතර බි්‍රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 179 ක ලබා ගත්තේය. 

එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ ජොස් බට්ලර් පන්දු 47 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 73 ක් රැස්කළේය. ඇලෙක්ස් හේල්ස් (52) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 81 සම්බන්ධතාවක් පිහිටුවමින් එංගලන්තයට වේගවත් ආරම්භයක් ලබාදීමටද බට්ලර් සමත් විය. 

පන්දු 40 කට මුහුණදුන් හේල්ස් හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර ලයෑම් ලිවිංග්ස්ටන් පන්දු 14 කින් ලකුණු 20 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි. එංගලන්තය වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි සෙසු පිතිකරුවෝ ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට අසමත් වූහ. 

එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 6 කට 179 
(ජොස් බට්ලර් 73, ඇලෙක්ස් හේල්ස් 52, ලයෑම් ලිවිංග්ස්ටන් 20, ලොකී ෆර්ගසන් 45/2) 

-036 


අදහස් (0)

බට්ලර් - හේල්ස් එංගලන්තය ඉහළට ඔසවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.