Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශය නැඟී එන පිල - 472/7 යි

බංග්ලාදේශය නැඟී එන පිල - 472/7 යි

editorial - 2023 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (26 වැනිදා) බංග්ලාදේශ නැඟී එන ක්‍රීඩකයෝ කඩුලු 7 කට ලකුණු 472 ක් ලබාගත්හ. 

අයිචි මොල්ලා (14) සහ මහමුදුල් හසන් ජෝයි (66) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 120 ක සම්බන්ධතාව මත සිටිමින් ලකුණු ලබාගත් මැද පෙළ පිතිකරුවෝ අපහසුතාවකින් තොරවම ලකුණු 400 කඩයිම පසුකර ගියහ. 

මහමුදුල් හසන් ජෝයි දැවී යාමෙන් පසුව මොල්ලාට එක්වූ ශදාත් හොසේන් (93) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 150 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට දායක විය. 

සිව්දින නිල නොවන ටෙස්ට් තරගයක් වන මෙම තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් එදින යැවිය හැකිවූයේ ඕවර 46 ක් පමණි. 


බංග්ලාදේශය - පළමු ඉනිම කඩුලු 7 ට 472 යි
(ප්‍රාන්ටික් නැව්රෝස් නබීල් 41, අයිචි මොල්ලා 147, මහමුදුල් හසන් ජෝයි 66, ශදාත් හොසේන් 93, අබ්දුල්ලා අල් මමුන් 26, ප්‍රිටෝම් කුමාර් නොදැවී 44, අහමඞ් ශරීෆ් 10, හසන් මුරාඞ් 21, එෂාන් මාලිංග 97/3, නිපුන් ප්‍රේමරත්න 84/2)

 

අයිචි මොල්ලා දැවී ගිය මොහොත... 

 

එෂාන් මාලිංග,  ශදාත් හොසේන්ගේ කඩුල්ල දවාගත් මොහොත... 

- 213


අදහස් (0)

බංග්ලාදේශය නැඟී එන පිල - 472/7 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.