Last Update  :  2026-04-06 21:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බිලිමෝරියා බී. එම්. ඩබ්ලිව්. ගොල්ෆ් ශූරතාව දිනයි

බිලිමෝරියා බී. එම්. ඩබ්ලිව්. ගොල්ෆ් ශූරතාව දිනයි

ශනුක අරවින්ද - 2013 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බී. එම්. ඩබ්ලිව්. කුසලාන ගොල්ෆ් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට ලකුණු 39 ක් ලබාගත් ෆෙරෝස් බිලිමෝරියා සමත්විය. ශෙරෝන් ප‍්‍රනාන්දු අනුශූරතාවට හිමිකම් කීවේ ලකුණු 38 ක් ලබාගනිමිනි.

විවෘත කාන්තා ශූරතාව ලකුණු 40 ක් ලබාගත් නීශා නිර්මලලිංගම් විසින් දිනාගනු ලබූ අතර අනුශූරතාව ලකුණු 39 ක් ලබාගත් නිලූ ජයතිලක සතුවිය. 
ප‍්‍රවීනයන් සඳහාද පැවැති විවෘත තරගයේ ජය හිමිකර ගැනීමට ලකුණු 38 ක් ලබාගත් ජේ. සී. එල්. ද මෙල් සමත් විය.

විවෘත අංශයේ තරග වලට අමතරව බී. එම්. ඩබ්ලිව්. හිමිකරුවන් සඳහාද තරගාවලියේ තරග පැවති අතර එහි ‘ඒ’ කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට ලකුණු 40 ලබාගත් කුසල් ජෝන්පිල්ලෙයි සමත්විය. ඩබ්. පි‍්‍රයාත් ප‍්‍රනාන්දු ලකුණු 38 ක් ලබාගනිමින් එහි අනුශූරතාවට හිමිකම් කීවේය.

බී. එම්. ඩබ්ලිව්. හිමියන් සඳහා වෙන්වූ තරග වල කාන්තා ශූරතාවට හිමිකම් කීමට ලකුණු 36 ලබාගත් නිලීකා වීරසිංහ සමත්වූ අතර මිචෙල් මිර්චාන්දනී ලකුණු 36 ක් ලබා ගනිමින්  අනුශූරතාව දිනාගත්තාය.

කොළඹ රාජකීය ගොල්ෆ් සංගමය විසින් බී. එම්. ඩබ්ලිව්. සමාගමේ අනුග‍්‍රහයද ඇතිව තෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 240 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවූහ.

විවෘත අංශය

  • පිරිමි ‘ඒ’ කාණ්ඩයේ

ශූරතාව - ෆෙරොස් බිලිමෝරියා (ලකුණු 39)
අනුශූරතාව - ශෙරෝන් ප‍්‍රනාන්දු (ලකුණු 38)

  • පිරිමි ‘බී’ කාණ්ඩයේ

ශූරතාව - ගිහාන් හේමචන්ද්‍ර (ලකුණු 44)
අනුශූරතාව - දිනුක විජේරත්න (ලකුණු 41)

  • කාන්තා තරගය

ශූරතාව - නීශා නිර්මලලිංගම් (ලකුණු 40)
අනුශූරතාව - නිලූ ජයතිලක (ලකුණු 39)

  • ප‍්‍රවීන පිරිමි 

ශූරතාව - ජේ. සී. එල්. ද මෙල් (ලකුණු 38)
අනුශූරතාව - එන්. විජේමාන්න (ලකුණු 38)

බී. එම්. ඩබ්ලිව්. හිමියන්ගේ තරග

  • පිරිමි ‘ඒ’ කාණ්ඩයේ

ශූරතාව - කුසල් ජෝන්පිල්ලෙයි (ලකුණු 40)
අනුශූරතාව - ඩබ්. පි‍්‍රයාත් ප‍්‍රනාන්දු (ලකුණු 38)

  • පිරිමි ‘බී’ කාණ්ඩය

ශූරතාව - මොහොමඞ් රීසා (ලකුණු 40)
අනුශූරතාව - ශිවන්ත ද සොයිසා (ලකුණු 39)

  • කාන්තා තරගාවලිය

ශූරතාව - නිලීකා වීරසිංහ (ලකුණු 36)
අනුශූරතාව - මිචෙල් මිර්චාන්දනී (ලකුණු 36)

 


අදහස් (0)

බිලිමෝරියා බී. එම්. ඩබ්ලිව්. ගොල්ෆ් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.