Last Update  :  2024-05-14 18:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පෝග්බා ප්‍රංශයේ කීර්තිය ආරක්‍ෂා කරයි

පෝග්බා ප්‍රංශයේ කීර්තිය ආරක්‍ෂා කරයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘සී’ කාණ්ඩය යටතේ අද (16 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ගෝල 2-1 ක ජයක් වාර්තා කිරීමට ප්‍රංශය සමත් විය.

තරගයේදී වාර්තා වූ ගෝල තුනෙන් ගෝල දෙකක්ම දඬුවම් පහර වූවත් පෝල් පෝර්ග්බා ලබාගත් ගෝලය නිසා ප්‍රංශය ලෝක කුසලාන තරග ඉතිහාසයේදී තම කීර්තිය රැකගත්තේය.

තරගයේ පළමු අර්ධය නිමාවන විට දෙපිලම ගෝල ලබාගැනීමට අසමත්වූ නමුත් දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 13 ක් ගතවන විට එනම් තරගයේ 58 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කිරීමට ප්‍රංශයේ ඇන්ටෝනි ග්‍රීස්මාන් සමත් වූයේ දඬුවම් පහරක් සාර්ථක කරගනිමිනි.

එම ගෝලයත් සමග ගෝල 1-0 ක් ලෙස ප්‍රංශය තරගයේ පෙරමුණ ගත් නමුත් ඔවුන්ට එය රඳවාගත හැකි වූයේ මිනිත්තු 4 ක් ගතවන තෙක් පමණි. 62 වැනි මිනිත්තුවේදී ඕස්ටේ්‍රලියාවට හිමිවූ දඬුවම් පහරක් ගෝලයක් බවට පරිවර්ථකය කරගත් මයිල් ජෙඩිනැක් තරගය ගෝල 1-1 ක් ලෙස සම තත්වයට පත් කළේය.

එතැන් පටන් තරගය දෙපිලටම විවෘත වූ අතර අවසන් මිනිත්තු 15 තුළ කණ්ඩායම දෙකම ජයග්‍රාහී ගෝලය ලබාගැනීම සඳහා කරට කර සටනක නිතර වූහ. තරගයේ නියමිත කාලය අවසන් වීමට මිනිත්තු 9 ක් ඉතිරිව තිබියදී ප්‍රංශය වෙනුවෙන් දෙවැනි ගෝලය ලබාගත් පෝල් පෝග්බා, ප්‍රේක්ෂක ඔල්වරසන් මැද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පළමු ගෝලය වාර්තා කළ ප්‍රංශයේ ඉදිරි පෙළ ක්‍රීඩක ඇන්ටෝනි ග්‍රීස්මාන් තරගයේ වීරයා ලෙස සම්මාන ලබාගත් අතර තරගය අතරතුරදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මැතිව් ලේකී, අසීස් බෙහිච් සහ ජෙෂුවා රිස්ඩන් යන ක්‍රීඩකයන් විනිසුරුවරයාගෙන් කහ කාඞ්පත් සහිත අවවාද ලැබූහ.

තරගය අවසන් වීමට විනාඩි 10 ක් පමණ තිබියදී තරගාවලියේ ළාබාලතම ක්‍රීඩකයා වන 19 හැවිරිදි ඩැනියෙල් අර්සානි පිටියට කැඳවූවද ඕස්ට්‍රේලියානුවන්ට වැඩි යමක් කළ නොහැකි විය.


- 036

 


අදහස් (0)

පෝග්බා ප්‍රංශයේ කීර්තිය ආරක්‍ෂා කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.